Sunday, December 28, 2025
Follow Us
ගෑස් යළි බෙදාහරින දිනය මෙන්න

ලිට්‍රෝ සමාගමෙන් පාරිභෝගිකයින්ට පණිවිඩයක්


නැවතත් ගෑස් බෙදා හැරීමට සිදු වන්නේ ලබන මස (ජූලි) 5 වැනිදා හා 12 වැනිදා අතර කාලයේ දී බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.

එම කාලයේ මෙට්‍රික් ටොන් හත්දහසක ගෑස් තොගයක් රැගත් නෞකා 2ක් මෙරටට පැමිණීමට නියමිත බව ද සභාපතිවරයා සඳහන් කළේය.

ඊට අමතරව ජූලි මස 10 වැනිදායින් පසුව ගෑස් මෙට්‍රික් ටොන් විසිපන්දහසක් රැගත් විශාල නෞකාවක් මාලදිවයිනේ මුහුදු සීමාවට ළඟාවීමට නියමිත අතර එහි සිට කුඩා නෞකා මගින් මෙරටට අඛණ්ඩව ගෑස් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව ද හෙතෙම කීවේය.

ඒ අනුව ලබන 05 වැනිදායින් පසු දිවයින පුරා දෛනිකව කිලෝ ග්‍රෑම් දොළහයි දශම පහේ ගෘහස්ථ ගෑස් සිල්න්ඩර අසූදහස බැගින් වෙළෙඳපොළට බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

එබැවින් එතෙක් ගෑස් මිල දී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

Aruna