Sunday, December 28, 2025
Follow Us
රට පුරා එළවළු බෙදා හැරීම සම්පූර්ණයෙන්ම බිඳ වැටේ

එළවළු ගොවියා සම්පූර්ණයෙන්ම වගාවෙන් ඉවත්ව යයි ?


යළිත් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් එළවළු නිෂ්පාදන තොග වෙළෙඳ පොළට ප්‍රවාහනය සහ රට පුරා බෙදා හැරීම සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ අවදානමක් ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං තොග වෙළද සංගමය අවධාරණය කරයි.

ඊයේ (26දා) එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි “අරුණ ට පැවැසුවේ කෘෂි කර්මාන්තය සංවර්ධනය කෙරෙහි රජය කිසිදු තැකීමක් නොකර ගන්නා තීරණ හේතුවෙන් එළවළු ගොවියා සම්පූර්ණයෙන්ම වගාවෙන් ඉවත්ව යාම නතර කළ නොහැකි බවය.

ඊයේ (26දා) රට පුරා ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකට තොග ගැණුම්කරුවන්ගේ පැමිණීම සියයට 95න් බිඳ වැටුණ අතර එළවළු තොග සැපයුමද සියයට 90කින් පමණ පහළ ගිය බවද ඔව්හු අවධාරණය කළහ.

Aruna