Sunday, December 28, 2025
Follow Us
ගාල්ලේ රෝහල් කිහිපයක හදිසි සේවා පමණයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගත් තීරණය


ලබන අගහරුවාදා (28) සිට කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රිකක්යේ සියලූ රෝහල් හා සෞඛ්‍ය ආයතන වල හදිසි සේවා පමණක් පවත්වාගෙන යාමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය ශාඛාව තීරණය කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින් විශාල පිරිසකට ඉන්ධන ලබා ගැනීමට නොහැකිවීම ඊට හේතුවී ඇත.

හදිසි සේවා හැර අනිකුත් සියලූ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවනු ඇති බව ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ඉන්ධන නිකුත් කිරිමේදි තිබු දුර්වල හා අවිධිමත් බව හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ගෙන් සියයට 20 කට හෝ සිකුරාදා දින ඉන්ධන ලබාගැනිමට නොහැකි වු බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව සඳහන් කරයි.

ඇතැම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින් සදහා පැය 12 ත් 24 ත් අතර කාලයක් පෝලිම්වල කාලය ගතකිරිමට සිදුවු බව කරාපිටිය ශාඛාව නිවේදනය කරයි.

Aruna