Monday, February 16, 2026
Follow Us
බස් ගාස්තුව ගැන අවසන් තීරණය හෙට

ප්‍රවාහන ඇමති හෙට සාකච්ඡාවක් කැඳවයි


එළඹෙන ජුලි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සම්බන්ධයෙන් හෙට (28) දිනයේ දි අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ බස් ගාස්තුව ද ඉහළ නැංවිය යුතු බවට බස් සංගම් ඊයේ (26) දිනයේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව හෙට දිනයේ දි ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්යය නිලාන් මිරැන්ඩා සඳහන් කළේය.

Aruna