Sunday, December 28, 2025
Follow Us
පෝලිමේ ඉන්න ජනතාවට සෞඛ්‍ය අංශ වලින් දැනුම්දීමක්

පපුව රිදුනොත් වහාම රෝහලකට යන්න


ඉන්ධන සහ ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල සිටියදී ශ්වසන අපහසුතා මෙන්ම පපුවේ වේදනාවන් දැනෙන්නේනම් පෝලිම අතහැර වහාම රෝහලක් වෙත යන ලෙස සෞඛ්‍ය අංශ දැනුම්දීමක් කරයි.

විශේෂයෙන් ඉන්ධන සහ ගෑස් පෝලිම්වල සිටින මැදිවියේ පුද්ගලයන් සහ මැදිවිය ඉක්මවූ පුද්ගලයන් මේ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් බව කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක සඳහන් කළේය.

දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග ඇති පුද්ගලයන් පෝලිම්වල සිටියද තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වඩා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි.

පෝලිම්වල සිටිය ද මෙම පුද්ගලයන් තමන්ගේ ඖෂධ නිසි ආකාරයෙන් ලබාගැනීම සහ ජලය පානය කිරීම වැදගත් බව විශේෂඥ ‍වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට පෝලිම්වල සිටිය දී නොයකුත් හේතුන් මත පුද්ගලයන් දහතුන්දෙනකු මියගොස් ඇති අතර ඉන් අටදෙනකු පමණ හෘදයාබාධ වැලඳීමෙන් මියගොස් ඇත.

Aruna