?මේකත් අපූරු මාතෘකාවක්. මෙච්චර කල් කතා නොකර හිටියේ මේ ගැන කියන්න ගොඩක් දේවල් තියන නිසා. කවුරුහරි ඔයාලගෙන් ඇහුවොත් හොද ක්ලෙන්සර් එකක් කියන්න කියලා ... ඔයාලගේ ඔලුවට එක පාරට එන්නේ මොකක්ද .... ???? අර salon වල පාවිච්චි කරන cream වගේ තියෙන deep cleanser එක ගැන නේද ...???
වැම්පයර්ලා ගැන අහල තියෙනවද ? මම හිතන්නේ එයාල ගැන නම් නොදන්න කෙනෙක් නෑ. ප්‍රසිද්ධම vampire තමයි Dracula. ජීවත්වීම සඳහා මිනිසුන්ගේ ලේ උරා බොන අමනුෂ්‍ය කොට්ඨාසයක් හැටියට තමයි අපි වැම්පයර්ලා හඳුනගෙන තියෙන්නේ.
වරක් දුටු විට දෙවරක් හැරී බලන්නට සිතෙන රූපයක් හිමි නම් ඇය පංච කල්‍යාණියක විය හැකිය. දිගු නීල වර්ණ කෙස් කලඹක් තිබේනම් මෙවැනි යුවතියකගේ රුව වඩාත් කැපී පෙනේ. ඒ පංච කල්‍යාණියක සතු ගුණාංග පහ අතරින් කේශ කල්‍යාණයට ප්‍රධාන තැනක් හිමි වන නිසාය.
අපේ සාමාජිකාවක් ලඟදි post එකක් දාලා අපෙන් ඇහුවා බීට් රූට් කියන්නෙ ස්වභාවික බ්ලීචින් එකක්ද කියලා. ඒකට උත්තරය හැටියට මට ඔව් කියන්න පුළුවන් වුණා. නමුත් එතනදි මම සඳහන් නොකළ දෙයක් තමයි බීට්රූට් පාවිච්චි කළ යුත්තේ කොහොමද කියන එක. බීට් රූට් විතරක් නෙමෙයි ස්වභාවිකව සුදු විමට අදාළ කෑම ජාති ගොඩක් තියෙනවා. ඒවා අපි routine for a fairer skin පෝස්ට් එකේ සහ glutathione post වල සඳහන් කරලා තිබුනා.
♻️පසුගිය ලිපියෙන් මම තෙල් සහිත සම ගැන සහ එය රැක බලාගන්නෙ කොහොමද කියලා කතා කළා. එතනදි මම සඳහන් කළා අයිස් කැට ප්‍රතිකාරය ගැන. හුගක් අය මේ ප්‍රතිකාරය කරන හැටි දන්නවා. නමුත් නොදන්න අයත් හිටියා සහ ඒකෙන් ලැබෙන වාසි මොනවද කියලත් අහල තිබුනා.
තම රූ සපුවේ සුන්දරත්වය මනාව පවත්වා ගැනීමට හැම කාන්තාවක්ම ඉතාම උනන්දුවක් දක්වයි. එදිනෙදා කටයුතුවලදී කාන්තාව කාර්යබහුල වීම සහ අවිවේකීය වීම තුළ බොහෝ අවස්ථාවන් වලදී රූ සපුව මනාව පවත්වාගෙන යාමට මඟ හැරෙන අවස්ථා බොහොමයකි.
ගොඩක් අය ඉල්ලුව නේ කොණ්ඩෙට සාත්තුවක්. හැබැයි මේක කොණ්ඩෙට සාත්තුවක් නෙමෙයි . හිසේ සමට කරන සාත්තුවක් . මේක ඕන වෙන්නෙ නිරෝගී කොණ්ඩයක් වවාගන්න. බොහෝ අය කරන්නේ මොනවා හරි තෙල් වගයක් කොන්ඩෙට දාගෙන ඒ ආනුභාවයෙන් කොණ්ඩය වැවෙනකල් බලා සිටීමනේ. හැබැයි හොදින් මතක තියාගන්න තෙල් දාලා නිකං බලා ඉඳලා බෑ හිස සම්භාහනය කරන්න ඕනේ කියලා. තෙල් අපි පාවිච්චි කරන්නෙ මසාජ් කිරීමේ පහසුවටයි.
මම 31 හැවිරිදි කාන්තාවක්මි. රුව ගැන ඉතා සැලකිලිමත් වෙමි. පිරිසුදුව ලස්සනට ඉන්න මම කැමැතිය. මාගේ මුහුණ ඉතා පැහැපත් වුවත් කන් දෙක අව පැහැ වී ඇත. එසේ වන්නේ ඇයි. එයට කළ යුත්තේ කුමක් ද?
අපේ සමූහයේ රූපලාවණ්‍ය ගැන කතා කරනවා වගේම ජීවිතයට ශක්තියක් වෙන්න යම් යම් කාරණා ඉඳලා හිටලා කතා කරනවානේ. අන්න ඒ වගේ තවත් ලිපි පෙලක පලමු පියවර හැටියට මම ඔයාලගෙන් ඇහුවා ප්‍රතික්ෂේප වීම හෝ කිරීම පිළිබඳව අත්දැකීම් කොහොමද කියලා. අපි කෙනෙකු ප්‍රතික්ෂේප කිරීමට හෝ අපි කෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වීමට බලපාන කාරනා බොහෝ විට සමානයි.
ස්ට්‍රේට් ආකාරයේ දිග කොණ්ඩයක් ඇති දියණියන්ටයි මේ ලස්සන කොණ්ඩා මෝස්තරය. මෙය උත්සව අවස්ථාවකට වගේම සාමාන්‍ය ගමනක දී වුවත් යොදාගන්නට හැකියි.
⚕️අපේ ජීවිතවල පැවැත්මට අත්‍යාවශ්‍ය අපි මහන්සි වෙලා සොයා ගත යුතු ප්‍රධානම දේ කෑම බීමනේ. නමුත් වර්තමානයේ පුදුම විදිහට මිනිස්සු කෑම ටික හරියට ගන්න උනන්දු නෑ. හරියට ගන්න එක කියලා කිව්වේ පණ යන්න කන එක නෙමේ, අහු වෙච්ච දේ බඩට දාගන්න එකත් නෙමේ. හොඳ ගුණ කෑම ගන්න උනන්දුවක් නෑ කියන එකයි. අපේ ඩයට් ප්ලෑන් එක කියවපු ඔයාලා දන්නවා මං කෑම ගන්න විදිහ ගැන. ඒක මම විතරක් නෙවෙයි මගේ පවුලේ අනිත් අයත් ඒ විදිහටයි කන්නේ. ඒ මම ඇති කරපු පුරුද්ද. ඒවා ඇත්තටම මම අනුගමනය කරන විදිහ.
ඔයාලට මතකද මම හිනාව ගැන ප්‍රශ්නයක් ඇහුවා ඔයාලගෙන්..... මගේ ජීවිතයට හිනාව කියන එක මට ගෙනාවේ ආලෝකයක්..ඕනෑම වෙලාවක අහේතුකවම උනත් මගේ මූනේ මන්දමිස්තයක් වරදින්නෙ නෑ ... එහෙම නැති අවස්ථාවක් කවුරුහරි දැක්කානම් ඒ මම ආස නැති කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වුණු අවස්ථාවක් ?
ස්ට්‍රේට් ආකාරයේ දිග කොණ්ඩයක් ඇති දියණියන්ටයි මේ ලස්සන කොණ්ඩා මෝස්තරය. මෙය උත්සව අවස්ථාවකට වගේම සාමාන්‍ය ගමනක දී වුවත් යොදාගන්නට හැකියි.
මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන තරුණියක්. මම සෑම දිනකම මාගේ මුහුණ හැඩ කර ගැනීම සඳහා සරල මේකප් එකක් භාවිත කරමි. මස්කාරා ගල්වන ක්‍රමය පිළිබඳ මා හට නිවැරදි අවබෝධයක් නොමැත. මස්කාරා ගල්වන නිවැරදි ක්‍රමයක් කුමක්ද?
මම 23 හැවිරිදි තරුණියක්මි. මම පෙනුමෙන් සුදරය. ඒ බව බොහෝ දෙනා මා හට පවසා ඇත. නමුත් මෑතක දී සිට මට අධිකව දහඩිය දමන නිසා ශරීරයෙන් දුගධක් හමයි. ඩියෝඩ්‍රන් ආලේප කිරීමෙන් ලැබෙන්නේ තාවකාලික ප්‍රතිඵලයක් පමණයි. කළ යුත්තේ කුමක් ද? නිතර නිතර ඩියෝඩ්‍රන් පාවිච්චි කිරීම සුදුසු ද?
Page 22 of 26