Sunday, April 28, 2024
Follow Us
Body Cream   2

?බොඩි ක්‍රීම් එකක් පාවිච්චි කල යුත්තේ ඇයි ?


සරලම උත්තරය තමයි සමේ ස්වභාවික තෙතමනය රැක දීමට, හිරු එළිය දුහුවිලි ආදියෙන් සමට වෙන හානි අවම කර ගැනීමට සහ අමතර තෙතමනය ලබා දීමට. එතකොට අපට තේරෙනවා මේක සුදුසු වියළි සමකට කියලා. වියළි හෝ අධික වියළි සමකට body cream හෝ body butter පාවිච්චිය සුදුසුයි. සාමාන්‍ය සමක් නම් ලෝෂන් එකක් පාවිච්චි කළාට කමක් නැහැ. වියලි සමක ඇතිවන කැසීම් සහ පොතු ගැලවෙන ගතිය ගොඩක් දුරට මෙමගින් පාලනය වෙනවා. ඒ වගේම තමයි මාංශ පේශි දෙකක් අතර ඇතිවෙන ඝර්ෂණය සුමට කිරීමටත් ඒ ඝර්ෂණය නිසා ඇතිවෙන අවපැහැ වීම් අවම කර ගන්නටත් body cream උපකාරී වෙනවා.
?විටමින් E
ඔබ පාවිච්චි කරන ආලේපනයේ විටමින් E අඩංගු නැත්නම් විටමින් E කරලක් දෙකක් කඩලා දාලා ඒකට අමතර පෝෂණයක් ලබල දෙන්නත් පුළුවන්. මොකද විටමින් E හිරු එලියෙන් ඔබේ සම ආරක්ෂා කරන්න ගොඩක් උදවු වෙන සංඝටකයක් නිසා.
විටමින් E ගැන කතා කරද්දී වෙළඳපොලේ මේවා මිලදී ගන්න තියෙනවා කොළ සහ විනිවිද පෙනෙන කහ පාටකට. ඒ දෙකේ වෙනසක් තිබෙනවා. ඒ තමයි mg ප්‍රමාණයේ වැඩි අඩු බව. සමහර beauticians ල කොලපාට එක කොණ්ඩෙට දාන්න කහපාට එක බොන්න කියලා උපදෙස් දෙනවා දකිනකොට සි ය දි වි නහගන්න හිතෙනවා. කොහොම වුණත් විටමින් ආලේප කරනවාට වඩා ඇඟ ඇතුළට ගන්න එක ගැන තමයි මගේ විශ්වාසය. අනික විටමින් සී වගේ වැඩිපුර ප්‍රමාණය මුත්‍රා සමග පිට වන්නේ නැති නිසා විටමින් E වෛද්‍ය උපදෙස් මත තමයි ගන්න ඕනේ.
?Body Lotion , Cream and Butter... ????
lotion water base ඒ කියන්නේ essential oil වර්ග අඩුවෙන් තමයි මේක හදද්දි පාවිච්චි කරන්නේ. Cream oil base. Body butter වල දී body cream වලටත් වඩා එහා ගිය තෙල් සහිත බටර් පාවිච්චි කරනවා. ඉතින් සාමාන්‍ය සමකට එතරම් තෙතමනයක් බාහිරින් දෙන්න අවශ්‍ය නැහැ තියෙන තෙතමනය රැකගන්න පමණයි අවශ්‍ය. ඒ වගේම oily skin එකක් නම් ඔයාට තියෙන්නේ body cream එකක් පාවිච්චි කිරීම අවශ්‍ය නැහැ. බොහෝවිට cream එකක් ආලේප කළ විට දහදිය දමන්නේ මෙන්න මේ වගේ අයටයි. නමුත් කවුරුත් ආසයි සුවඳට ඉන්න. අන්න එතකොට ඔයාට පුලුවන් පාවිච්චි කරන්න body talc එකක්. ඒකෙන් තෙල් සහිත සමේ තෙල් සහිත බවේ යම්කිසි පාලනයක් ඇති කරගන්නත් පුළුවන්. ඉතින් වියළි සමක් තියෙන කෙනෙක් නම් අපේ dry skin පෝස්ට් දෙකත් කියවන්න කියලා ආරාධනා කරනවා.
?Body cream ආලේප කරන්නේ කෙසේද ?
මෙන්න මේක නම් ගොඩක් අය වරද්දගන්න තැනක්. මගේ body cream එක තියෙන්නේ බාත්රූම් එක ඇතුලෙමයි. ඒකට හේතුව තමයි අපේ සමේ ගාන ඕනෑම ආලේපනයක් අපි පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යෙන් ඇඟ හොඳට පිරිසිදු කරලයි. කොයි වෙලාවෙවත් දහදිය දැමූ සමකට ආලේපන ගල්වන්න එපා.
ශරීරය පිරිසිදු කරන හැටිත් අපි ඔයාලට කියලා දීලා තියෙනවා. ඇඟ පිරිසිදු කරල අපි තුවායකින් තෙත මාත්තු කරනවනේ. අන්න ඒ ක්‍රියාවලිය ඉවර උන සැනින් තමයි බොඩි ක්‍රීම් එක පාවිච්චි කළ යුත්තේ. ඊට එහා පරක්කු වුනොත් ඔයාට ඇගේ ගාන ක්‍රීම් එක නිසා අපහසුතාවක් දැනෙන්න පුළුවන්. මොකද උරාගැනීමේ වේගය අඩුවෙන නිසා. තෙතමනය සහිත සමක තමයි අපි ගල්වන ආලේපනයක් උරා ගැනීමේ හැකියාව වැඩි.
එහෙම පුලුවන් ඉක්මනට ක්‍රීම් එක ඇඟේ ආලේප කරලා උෂ්ණාධික දවසක නම් මිනිත්තු පහක් විතර විදුලි පංකාව අසල ඉන්න. එවිට දහදිය දමන්නේ නැතුව සමට බොඩි ක්‍රීම් එක උරා ගැනීමට අවකාශ සැලසෙනවා. දහදිය දමන්නේ නැති දවසක වුණත් cream එක ගාලා විනාඩි දහයකට විතර පස්සේ ඇඳුම් අඳිනවා නම් තමයි සුදුසු. Sun cream එකක් පාවිච්චි කරනවානම් එය body cream එකට පසු ආලේප කරන්න. ඒ වාගේම මේවා ආලේප කළාට පස්සෙ දහදිය දමන වේගයට ඇවිදින්න හෝ වැඩ කරන්න එපා.
?Body cream එකක් පාවිච්චි කිරීමෙන් ලැබෙන වාසි
•සමට තෙතමනය ලබා දෙයි
•සමේ තෙතමනය ආරක්ෂා කරයි
•කුණු දුහුවිලි සහ හිරු එළියෙන් සමට යම් ආරක්ෂාවක් ලබාදේ
•සම සුසිනිදු කරයි
•පැහැපත් දිදුළන බවක් ඇති කරයි
•ඉමිහිරි සුවඳක් වහනය වෙයි
•ආත්ම විශ්වාසයක් ඇති වේ
•මනස සැහැල්ලු කරයි.
මේ මොනවා කිව්වත් මුළු ඇගේම මේක පාවිච්චි කරන්න අපහසු අය ඉන්නවා. ඒ
ආර්ථික අපහසුතා ඇතිවීම හෝ ඔලුවේ බැසගත් තම තමන්ගේ මතිමතාන්තර උගුල්ලා දැමීමට නොහැකි වීම...අනේ ඔය මල විකාර නොකළට අපි මැරෙනවාදැ යි සිතීම... ආදී දේවල් මේවා කිරීමට ඔබට බාධා ඇති කරන්න පුළුවන්. එහෙම අය අඩුගානේ බබාලට ගාන ක්‍රීම් එකක් අරගෙන ඉකිළි, කිහිලි පියයුරු යට, පියයුරු මැද, තට්ටම්, දණහිස් සහ වැලමිට ආදී අත්‍යවශ්‍ය තැන් වලටවත් ගාගෙන ඒ වගේ තැන් රළු සහ කලු වීම වලකා ගන්න කියලා මම ආරාධනා කරනවා.
අපි ගෙදර හදන කිකිළිගෙන් නෙමෙයි නම් බිත්තර කන්නේ අපි කන්නෙ වස විස තමයි. ගෙදර හදන කුකුළා මරලා නෙමේ නම් ඔබ චිකන් කන්නේ ඔබ කන්නේ වස විස තමයි. ගෙදර වගා කරලා නෙමේ නම් ඔබ හාල් ටික එළවළු ටික පළතුරු ටික ලබාගන්නේ ඔබ කන්නේ වස විස තමයි. ළිඳේ වතුර ටික නෙමෙයි නම් ඔබ බොන්නේ වතුර ටිකත් රසායන ද්‍රව්‍ය දාලා තමයි අපට ලැබෙන්නේ. එච්චර වස විස කන අපි වෛද්‍යවරයෙක් බෙහෙතක් නියම කළාම සහ ඇගේ ගාන්න ආලේපනයක් ගන්න ගියහම විතරක් සෑහෙන්න අතුරු ආබාධ ගැන හිතනවා. ස්වාභාවික දේවල් වලින් පමණක් අපට යැපෙන්න බැහැ අපේ ජීවන රටාවත් එක්ක.
ඉතින් හොඳ සන්නාම නාමයක් සහිත හොඳ ingredients සහිත ආලේපන වල බොහෝවිට අපි කන කෑමවල තරම් වස විස නෑ. එහෙම විස සහිත දේවල් අඩංගු ඒවාට බය නම් ඒ ගැන සඳහන් කරපු ලිපි අපේ සමූහයේ තිබෙනවා . ඒවත් කියවල බලන්න . කොහොම නමුත් බොඩි ක්‍රීම් එකක් පාවිච්චි කරන්න මිලදී ගන්නකොට මෙන්න මේවා නැති හෝ අවම ඒවා අරන් පාවිච්චි කරන්න උත්සාහ කරන්න.
Parabens
Artificial Fragrance/Parfum.
Sodium Lauryl Sulfate and Sodium Laureth Sulfate.
Toluene.
Phthalates.
Polyethylene Glycol (PEG)
Formaldehyde.
Oxybenzone (and other chemical sunscreens)
•Diethanolamine
•Triclosan
?Essential oil
බොඩි ක්‍රීම් එකකින් සමට ලැබෙන මුලින් සදහන් කළ වාසිවලට අමතරව අපිට ලැබෙන ලොකුම වාසිය ගැන තමයි මම පහුගිය ලිපියෙන් වැඩිපුර කතා කළේ. ඒ තමයි සුවඳ. සුවඳ වර්ග ඕනෑතරම් තිබෙනවා . කෘතිම සුවඳ කාරක බොහෝවිට අපට සිත නිවන සුවඳක් ගෙන එන්නේ නෑ. ඒක නහයට දරාගන්න අමාරු අසාත්මිකතා පවා ඇතිවිය හැකි සුවඳක් වෙනවා. සමහර සුවඳ වර්ග වලට කිවිසුම් යනවා ඔබ අත්විඳලා ඇති. ඉතින් අපි සලකා බැලිය යුතු වැදගත්ම කාරණාව තමයි අපි පාවිච්චි කරන්න තීරණය කරපු ආලේපනයට දාලා තියෙන සුවඳ වර්ග ස්වභාවික දේවල්වලින් අරගත්ත essential oil වලින් සමන්විත ද කියන එක.
ඕනෑම ස්වභාවික ද්‍රව්‍යයකින් ඒ කියන්නේ ගසක මල්, කොළ, පොතු, මුල් , අරටු වගේම කුළුබඩු උපයෝගී කරගෙන මේ essential oil වර්ග නිපදවනවා. මේවා තමයි මිල අධික සුවඳ විළවුන් වලට පාවිච්චි කරන්නෙත් (perfume film එක මතක් උනා.). ඉතින් ඔයා කැමති සුවඳ සහිත ආලේපනයක් තෝරාගන්න අතරේ ඒක ස්වභාවික දේවල්වලින් හදාගත්ත essential oil එකතු කරපු සුවඳක් ද කියලත් බලන්න.
?Perfume
ඒ වගේම ඔබ සුවඳ විලවුන් (perfume ) පාවිච්චි කරන කෙනෙක් නම් ඒ සුවඳට සමගාමී සුවඳක් තියෙන body cream එකක් පාවිච්චි කරන්න වගබලා ගත යුතුයි. අපේ රටේ බොහෝ අය නොදන්නා කමට සුවඳ විලවුන් පාවිච්චි කරන්නේ සමට නෙමෙයි ඇඳුමට. ඇත්තටම ඇඳුමකට perfume දැම්මහම එන සුවඳයි සමට දැම්මහම එන සුවඳයි දෙකක්. හැබැයි ඉතින් බාල වර්ගයේ එකක් පාවිච්චි කරද්දි නම් ඇඳුමට දාගන්න එක තමයි වඩා හොඳ.
අපේ සමූහයේ හිටිය පමණින් අපි කියන හැම දේම කළ යුතුයි කියලා දෙයක් නැහැ. අපි මේ යෝජනා කරන්නේ "මේ විදිහට ඉන්න නම් මේවා කළ යුතුයි " කියල විතරයි. කොච්චර ඉගෙන ගත්තත් පාරම්පරික මත බිමින් තියන්න බැරි අය අපි අතර ඉන්නවා. ඒ වගේම පණ්ඩිත කමත්. ඒවාට උගත්කම බාධාවක් වෙන්නෙත් නැහැ. මේවා නොකර හිටියා කියලා කවුරුත් මැරෙන්නේ නෑ. කැමති කෙනෙක් කරන්න අකමැති කෙනෙක් අහක බලාගෙන යන්න. ඒ වගේම මතක තියාගන්න ඕනම දෙයක් පටන් ගන්න තමයි අමාරු. කොහොම හරි අමාරුවෙන් සතියක් කරගෙන ගියොත් ඒක අපේ ජීවන රටාවට හුරු වෙන්න පටන් ගන්නවා.
හුඟක් අය අහල තිබුණා මම පාවිච්චි කරන body cream මොනවද කියන එක. ඉතින් ඒවා මම පළවෙනි කොමෙන්ටුවේ සදහන් කරනවා.

(Beauty Secrets with Rapunzel)