Monday, April 29, 2024
Follow Us
❤❤❤ ❤  Smile for happiness   ❤❤❤ ❤

ඔයාලට මතකද මම හිනාව ගැන ප්‍රශ්නයක් ඇහුවා ඔයාලගෙන්..... මගේ ජීවිතයට හිනාව කියන එක මට ගෙනාවේ ආලෝකයක්..ඕනෑම වෙලාවක අහේතුකවම උනත් මගේ මූනේ මන්දමිස්තයක් වරදින්නෙ නෑ ... එහෙම නැති අවස්ථාවක් කවුරුහරි දැක්කානම් ඒ මම ආස නැති කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වුණු අවස්ථාවක් ?


inbox හරහා මට ගොඩක් අය එයාලගෙ ජීවිතවල තියන ප්‍රශ්න කියලා විසඳුම් ඉල්ලනවා... ඒ ප්‍රශ්න තුළින් මට අවබෝධ වෙච්ච එක දෙයක් තිබුණා... ඒ තමයි ඒ හැමෝම සතුට හොයලා තිබුණා .. ඔව් ...අපි හැමෝම සතුට තමයි හොයන්නේ.... හැබැයි එයාලගෙයි මගෙයි අතර සතුට සෙවීමේ වෙනසක් තියෙනවා.... ඒ තමයි එයාලා සතුට හොයල තිබුණෙ අනුන්ගෙන්... එයාලා අනිත් අය තමන්ව සතුටු කරනකල් බලාගෙන හිටපු අය .... එයාලා අනිත් අය වෙනුවෙන් දෙයක් කරලා තිබුණෙත් ඒකට හිලව් වෙන්න දෙයක් ලැබෙයි කියල බලාපොරොත්තුවෙන් කියල එයාලටම තේරුමක් නෑ..... ඒ නිසා තමයි එයාලගෙන් පිට වෙන්නේ "අනේ මම මෙච්චර කරලත් ඒ ගොල්ලො මට මෙහෙමයි සැලකුවේ" කියල.
මමත් ජීවිතේදි.... එහෙම අනුන්ගෙන් බලාපොරොත්තු වෙච්ච කාලයක් තිබුණා ..අනිත් අය මාව සතුටු කරනකල් බලන් ඉන්න ...එහෙම නොවුනම හඬා වැලපෙන ... දුක් වෙන.... ඒත් කාලයක් යද්දි මට තේරුණා එහෙම බලාපොරොත්තු උනහම අන්තිමේදී මට නැති වෙලා තියෙන්නෙ ඒ අනුන්ගෙන් හොයපු සතුට විතරක් නෙමෙයි... මට මාවත් නැති වෙලා....මගේ මූණෙ හිනාවක් නැතිවෙලා..... වක්‍රාකාරයෙන් ගත්තහම අසතුට තියෙන... අසතුට නිකුත් කරන ජීවිතයක් බවට පත් වෙලා....
එහෙම කෙනෙක් ගාව කවුද සතුටින් ඉන්නේ ...සතුට අපට ලැබෙන්න නම් අපෙන් සතුට බිහිවෙන්න ඕනෙ...බිහිවෙලා නික්මෙන්න ඕනේ...... තමා වටා රැස් වළල්ලක් හැටියට සතුට තියෙන්න ඕනේ... ඉස්සෙල්ලම ඔයා ඔයාගෙන් සතුට හොයාගන්න. මේක කියද්දි මට මතක් වෙනවා තමන් ඉන්නේ සතුටින් නෙමෙයි කියලා මට කියපු වෛද්‍ය වරයෙකුට මම කිවුවම ඔයා අනිත් අයගෙන් සතුටු හොයන්න එපා තමන්ගෙන් සතුට හොයාගන්න කියලා. At once he asked "you mean masturbation ?????
ඔයාගේ ජීවිතෙන් ඔයාට කෙනෙක් ඈත් කරන්න ඕනේ නම් ඒ කෙනා ලඟදී හිනාව අත්හරින්න... අසතුට පතුරවන්න... කන්දොස්කිරියා කරන්න... .හිනා නොවී ඉන්න.... මූසල පෙනුමක් තියාගන්න .... ඒත් ඔයා ඔය ටික ඔයා ලඟින් තියා ගන්න ඕන කෙනෙකුට කළොත්....????
බොහෝ වෙලාවට මට මුනගැහෙන චරිත විශේෂයෙන් ස්ත්‍රීන් ....අසතුට පතුරවන්නේ තමන්ගෙ ජීවිතේ ළඟින් තියා ගන්න ඕනම අයටයි.... එයාල ඒක කරන්නේ බැඳලා අල්ලලා තියාගන්න පුලුවන් වෙයි කියලා හිතලා .... ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ..... සතුට ලග තමයි කවුරුත් නතර වෙන්නෙ.... සතුට එක්ක තමයි හිනාව ජීවත් වෙන්නෙ.... හිනාව එක්ක තමයි සතුට හුස්ම ගන්නෙ....හිනා වෙන්න සතුටින්... සතුට හොයන්න ඔයාගෙ ඇතුළාන්තයෙන්..... කට දෙපැත්තෙ මාංශපේෂි යටට නෙමෙයි... උඩට හරවන්න...
ඒකෙන් ඔයාගෙ ජීවිතේ ලොකු වෙනසක් වේවි... තෙරේසා මවුතුමිය වරක් පවසනවා අපි කවදාවත් දැනගන්න එකක් නැහැ කියලා පුංචි සිනහවකින් කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද කියලා(We shall never know all the good that a simple smile can do).... ඒක ඇත්ත..... අද මේ මොහොතේ සිට අපි බලමු මේ උත්තම කාන්තාව පවසූ....ඒ පුංචි සිනාවෙන් අපේ ජීවිතේට වෙන්න පුලුවන් වෙනස්කම් සොයන්න..
මතක තියා ගන්න සිනහව නිසා ඔබට හොඳ හැඟීමක් දැනෙනවා විතරක් නෙමෙයි හොඳක් වෙනවා කියලත්.... ඒ නිසා හිනාවෙන්න අවස්ථාවක් ලැබුණ තැන දී මඟ හරින්න එපා.... හැබැයි ඒ හිනාව කාටවත් අපහාසට හිනාවෙන්න නෙමෙයි... කෙනෙක් එක්ක හිනාවෙන්න..... ඔයත් එක්ක හිනා වෙන්න .... ආදරෙන්...
මුලින් බලෙන් බොරුවට කරන්න.... පස්සේ ඒක ඇත්තට කරන පුරුද්දක් බවට ඉබේම පත්වේවි... ඒකෙන් කවුරු දුක් වුනත් ඔයා සතුටින් ඉඳීවි.... සිනහවෙන් සතුටු ජය ගන්න පුළුවන් ..... සිනහවෙන් ඔබේ ආදරණීයන් සතුටු කරවන්න පුළුවන්..... සිනහවෙන් ඔබේ මුහුණේ මාංශපේශීන් ලස්සනට සැකසිලා ඔබේ මුහුණේ පෙනුම ආකර්ෂණීය කරගන්න පුලුවන්... ජීවිත කාලයක් facials කළත් ඒ වගේ දෙයක් නම් ඔයාට ලබා ගන්න බැරි වෙයි...
මම දන්නවා ඔය කිව්වට හිනාව උනත් ඔයා නිකම් කරන්නේ නෑ .... මොනවා හරි දෙයක් ලැබුණේ නැත්නම්...එහෙනම් බලමු මේ පුංචි හිනාව නිසා ඔයාට ලැබෙන දේවල්..... ලැබෙන්න තියෙන දේවල්.....
ආකර්ෂණය
අපි ලස්සන ඇඳුම් පැළඳුම් හොයනවා...ඒවාට ගොඩක් ගොඩාක් වියදම් කරනවා... makeup කරනවා..... ඒවට ගොඩාක් වියදම් කරනවා..... ඒවා වෙනුවෙන් කාලය කැප කරනවා ..... ඔය සේරම කරන්න...හැබැයි මූණෙ හිනාව නම් මොහොතකටවත් නැති කරගන්න එපා.... ඒක නැතුව නම් ඔයා ඔයා කිසිම දවසක ආකර්ෂණීය කෙනෙක් වෙන්නේ නැහැ.. පොඩ්ඩක් මතක් කරලා බලන්න ඔයා කාට හරි ආකර්ෂණය වෙලා ඉන්නව නම් එයාගෙ මුහුණේ සිනාව ගැන..... ඔයා කෙනෙකුට ආකර්ෂණීය වෙන්නත් අන්න ඒ හිනාව ගොඩක් බලපෑවා නේද ??...කෙනෙක්ගෙ විවාහය පමාවීමටත් මේක ලොකු හේතුවක් වෙන්න පුළුවන්... ආකර්ෂණීය කෙනෙක් වෙන්න නම් ලෝබ නැතුව සිනහ වෙන්න... ඔබේ සිනහවේ ලස්සනම ඉරියව්ව කණ්නාඩියත් එක්ක ගනුදෙනු කරලා හොයාගන්න...
සතුට, ප්‍රහර්ෂය
ඔබ මුහුණ දී සිටින අවස්ථාව සතුට නොපෙනෙන අවස්ථාවක් වෙන්න පුලුවන්... සතුටින් සිටින අවස්ථාවක ඉබේම ඔබේ මුහුණ සිනාවෙන් පිරිල තියෙනවා... ඒ හිනාවත් එක්කම මොළය විසින් නිපදවනවා ඔබේ ආතතිය දුරලා සතුට වැඩි කල හැකි endorphin හෝමෝනය... ඒ නිසා ඔබේ සතුට වැඩි වෙනවා....ඉතින් මොකද හිතන්නේ දුක හිතුන අවස්ථාවක අපි පොඩ්ඩක් මොළය රවට්ටල ඔය endorphin ටිකක් හොරකම් කලා නම්..... ඔයාගේ මූඩ් එක හරි නැති වෙලාවක... හොඳ ගැඹුරු හුස්ම වාර කීපයක් අරගෙන ... මූණට හිනාවක් ගන්න බලෙන්ම .... මොලයේ ප්‍රාතිහාර්ය අත්විඳින්න ..... මෙහෙම කරන්න පුරුදු වෙනකොට දුක සංතාපය කියන හැඟීම් වලට ඔයාගෙ ජීවිතේ ඉඩක් ලැබෙන්නේ නෑ ...අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව
කොහොමද මෙහෙම වෙන්නේ ...?... කෙනෙක් වැඩිපුර සිනහවෙන් කාලය ගත කරන විට ඒ කෙනාගේ ශරීරයේ සුදු රුධිරානු සෛල ප්‍රමාණය සාමාන්‍යයෙන් නිපදවනවාට වඩා වැඩි වීමට ඒක හේතුවක් වෙනවා... ඒවායින් කෙරෙන ප්‍රධානම කාර්‍යය තමයි සිරුරේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම. මෙන්න මේ රහස නිසා තමයි පුංචි දරුවන්ට ප්‍රතිකාර කරන රෝහල් වලට එයාලා ආස ප්‍රසිද්ධ අයව ගෙන්නන්නෙ (දියුණු රටවල) ඒ නිසා ඔවුන්ගේ සිතේ ඇතිවෙන සතුට සිනහවක් බවට අනිවාර්යයෙන් පෙරලෙනවා.... ඉතින් එයාලගෙ අසනීප ඉක්මනට හොද වෙන්න ඒක හේතුවක් වෙනවා.. අනේ ඉතින් බොරුවට හරි හිනාවෙලා ඔයත් නිරෝගී වෙලා අනිත් අයවත් නිරෝගී කළොත් කොච්චර ලොකු දෙයක් ද....
හොඳ නායකයෙක් , නියමුවෙක් වීම
සිනහවෙන් කාලය ගත කරන මිනිසුන් පිළිබඳව අනිත් අය තුළ ඇත්තේ ලොකු විශ්වාසදායී හැඟීමක්. ඒක සිනහා නොවෙන අය කෙරෙහි තබන විශ්වාසයට වඩා වැඩියි. අපි නායකත්වයක් තුළින් විස්වාසයට එහා බලාපොරොත්තු වෙන වෙනත් දෙයක් තියෙනව ද ? ලෝකයේ ප්‍රසිද්ධ නායකයන් දිහා බලන්න (මම මේ කතා කරන්නේ great leaders ල ගැන නොවෙයි popular leaders ල ගැන ) මම ආසම චරිතයක් තමයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා. ඕනෑම මට්ටමක නායකත්වයක් සාර්ථකව දීර්ඝකාලීනව පවත්වා ගැනීමට ඔබේ සිනහව තුළින් ඇතිවෙන විශ්වාසය ඉතාමත් වැදගත්. ඉතින් නායකත්ව සිහිනයක් ඔබට තියෙනවා නම් ඔය මුඩුම මුහුණ අයින් කරගන්න. ?
අනිත් අයගේ සිත් තුළ ඔබ පිළිබඳව ඇතිවෙන සුවදායී හැඟීම
නාදුනන අය එක්ක ඔයාට වඩා හොදින් හොඳින් කතා බහ කරලා සැහැල්ලුවෙන් හැසිරෙන අය ඔයා දැකලා ඇති .. ඔයාටත් එහෙම වෙන්න ඕන වෙලා ඇති.... හිතලා බැලුවේ නැද්ද ඒ අයට වඩා ඔයා ළඟ තිබුණු එකම අඩුපාඩුව මේ මූනේ සිනහව නැතිකම වෙන්න පුළුවන් කියලා... ඔයාගේ ගෙදර අය තුළ වුණත් ඔයාව මතක් වුනත්..... දැක්කත් සුවදායි හැඟීමක් ඇති වෙන්න ඕනේ. ඒකට මූලිකම හේතුව ඔයාගේ ඔය මූණේ තියෙන සිනාවයි.
කාර්යක්ශම බව
ඉහත අපි කතා කතා කරපු කරුණු සියල්ලම අපේ හැඟීම් හා සම්බන්ධ දේවල්නේ ... මේ සිනහව බලපාන්නේ හැඟීම් වලට විතරක් නෙමෙයි .... සිනහවෙන් සතුටින් සිටින අයගේ වැඩ වල ඉක්මන්කම සහ පිළිවෙලත් වැඩියි. ඒක ඔයාගෙන් අනිත් අයටත් බෝ වෙලා ඔබේ කාර්යාලයේ, නිවසේ කාර්යක්ශම බව වැඩි වැඩිවෙන්න ඒක හේතුවක් වෙනවා. ඒ නිසා ඉබේම productivity එකත් වැඩි වෙනවා... ඉතින් ඔබ කුමන තනතුරක හිටියත් සිනහව සතුට බෝ කරලා ඵලදායිතාව වැඩි වෙන හැටි අත්විඳින්න.
ලං වීමට බිය නැති වීම
අපිට කාගෙන් හරි උදව්වක් ඕන උනහම අපේ ඔලුවට ඉස්සෙල්ලාම එන කිහිප දෙනා අතරින් අපි ඒ උදව්ව ඉල්ලන්න ඉස්සෙල්ලාම තෝරගන්නේ අවිවාදයෙන් ම වැඩිපුර සිනහවෙන් කාලය ගත කරන කෙනාවයි... ඔබ තරුණ කාන්තාවක් නම් ...... තවමන් තනිකඩ නම්...(මා අදහස් කලේ විවාහය නොවේ) හොඳින් මතක තියාගන්න මුහුණේ සිනහවක් නැති ගැහැනුන්ට ලං වෙන්නට පිරිමින් බියක් දක්වන බව සහ.... ඔවුන් සිනහවෙන් තොර මුහුණු ප්‍රතික්ෂේප කරන බව....
ආත්ම විශ්වාසය වැඩි දියුණු වේ...
මුහුණේ සිනහවක් තියෙන අය ඕනෑම තැනක ඉදිරියෙන් ඉන්නව... ඒකට හේතුව ඒ සිනහව නිසාම ඔවුන් තුල ඇතිවෙන ආත්ම විශ්වාසයයි.... සිනහව බෝ කරගෙන ආත්ම විශ්වාසය වැඩි කරගන්න. ලස්සනට පිළිවෙලට ඇඳල හොඳ හිනාවක් මූණෙ තියෙන අය දැක්කම පෝලිම් වලත් පස්සට වෙන ගෑණු පිරිමි මම දැකල තියෙනවා. හුඟක් අය පිළිතුර දීල තිබුන හදවතින්ම හිනාවෙන්න බැරිනම් වැඩක් නෑ කියලා ... අනේ හදවතට කලින් මූණ practice කරන්නකෝ ....?
ඔයා සිනහවෙන් කාලය ගත කරනවා කියන්නේ ඔයා අනිත් අයටත් සිනහව බෝ කරන එකයි සිනහව කියන්නේ වසංගතයක් ඒ කියන්නේ බෝ වෙනවා අනේ ඉතින් අපි ඒක බෝ කරමු. මම නම් මගේ ලගට දුකින් එන ඕන කෙනෙකට හිනාව බෝ කරලා ඒ තමයි යවන්නෙ.
සිනහවෙන් සිටීම ඔයාගේ ජීවිතේට ලොකු නිදහස් නිවහල් බවක් දනවනවා. ඒකට හේතුව ඔයා හැම දේකින්ම....හැම පුංචි දේකින් ම සිනහව සතුට හොයන කෙනෙක් බවට පත් වීමයි. නිදිකුම්බා ගහක් අල්ලල ඒක ඇකිලෙන හැටි බලලා හිනා වෙන්න .. මලක් පිපිල තියෙනවා දැක්කම ගිහිල්ලා කතා කරල හිනාවෙන්න... කුරුල්ලෙක් දැක්කම එයත් එක්ක කතා කරලා හිනා වෙන්න. ගෙදර බල්ලෙක් පූසෙක් ඇති කරන්න. එයාලා ඔයාගේ මූණෙ හිනාව වැඩි කරාවි.
හොදින් මතක තියාගන්න ඔයාගේ මූණෙ හිනාව ලස්සන වෙන්න තවත් හේතුවක් තමයි ඔයාට හොඳ ආදායම් මාර්ගයක් තිබීම රස්සාවක් නොකළත් ආදායම් මාර්ගයක් නම් තියෙන්නම ඕනෙ ඒක එක එක්කෙනාට විවිධ ආකාරයෙන් තියෙන්න පුළුවන්. කොහොමත් කෙනෙක් ඇගිලි නොගහන wallet එකක හිමිකරුවෙක් වීම අතිශය ආඩම්බරකාරී නිදහස් නිවහල් සිනහවෙන් පිරි හැඟීමක්.....
රපුන්සල් ?
(Beauty Secrets with Rapunzel)