Monday, April 29, 2024
Follow Us
Cod  liver   oil

⚕️අපේ ජීවිතවල පැවැත්මට අත්‍යාවශ්‍ය අපි මහන්සි වෙලා සොයා ගත යුතු ප්‍රධානම දේ කෑම බීමනේ. නමුත් වර්තමානයේ පුදුම විදිහට මිනිස්සු කෑම ටික හරියට ගන්න උනන්දු නෑ. හරියට ගන්න එක කියලා කිව්වේ පණ යන්න කන එක නෙමේ, අහු වෙච්ච දේ බඩට දාගන්න එකත් නෙමේ. හොඳ ගුණ කෑම ගන්න උනන්දුවක් නෑ කියන එකයි. අපේ ඩයට් ප්ලෑන් එක කියවපු ඔයාලා දන්නවා මං කෑම ගන්න විදිහ ගැන. ඒක මම විතරක් නෙවෙයි මගේ පවුලේ අනිත් අයත් ඒ විදිහටයි කන්නේ. ඒ මම ඇති කරපු පුරුද්ද. ඒවා ඇත්තටම මම අනුගමනය කරන විදිහ.


⚕️පිටි ගුලි කාලා, සීනි පිරිච්ච තේ බීලා, සීනි පිරිච්ච පැණි රහ කෑම කාලා කොහොමද ඔයා නිරෝගි පරපුරක් බිහි කරන්න දායක වෙන්නේ. ඉස්සර අපේ රටේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කළා, කුඹුරු කෙටුවා, වගා කළා, ඇග මහන්සි කළා, කාය ශක්තිය වැය කළා. ශක්තිය වැය කරන්න ශක්තිය තියෙන්න ඕන. ශක්තිය තියෙන්න නම් ශක්තිජනක ආහාර කන්න ඕන. ඒ නිසා තමයි එයාලා බත්, කොස්, දෙල්, , අල බතල මඤ්ඤොක්කා ඇති වෙන්න කෑවේ. ඒ කාලා එයාලා එක තැනකට වෙලා වාඩි වෙලා හිටියේ නෑ, එයාලා ඒ ශක්තිය ගත්ත හා සමානව ඇඟ මහන්සි කරල වැඩ කරල පිට කලා, ඉතින් ඒ නිසා කිසිදු මේද තැන්පත් වීමක් සිද්ද උනේ නෑ. ලෙඩ අඩුයි. මොකද ශක්තිය වැය වෙනවානේ.
⚕️ඒ උනාට වර්තමානයේ අපි ඒ විදිහටම පිටි ගුලි කනවා, හැබැයි එක තැනම ඉදගෙන පුටුව රත් කර කර. ඉතින් ඒවා වැය වෙන්නෙ නෑ, අර විදිහට කාලා ඒ වැය වෙන්නේ නැති ශක්තිය මේදය තැන්පත් කරගෙන, අඩියක් තියාගන්න බැරි තරමට බර වැඩි කරගෙන ජීවිතේ අමාරුවෙන් ගෙනියනවා. ලෙඩ රෝග ගොඩක් එක්ක. ඉතින් මේ තත්වය මෙහෙම කරගන්නේ නැතිව හොද ඩයට් ප්ලෑන් එකක් අනුගමනය කරන පුරුද්ද ඇති කරගත්තා නම් ගොඩක් වටිනවා.
⚕️දැන් අපි හොදටම දන්නවා අපි අපේ කෑම වලින් ඈත් කරන්න ඕන බොහොම සුලු කොටසයි. කාබෝහයිඩ්‍රේට සහිත ආහාර ක්ෂනික ආහාර සහ කලින් පිසූ ආහාර (සොසේජස් වගේ දේවල්). ඉතින් හොද නැද්ද අපේ ආහාර වේල හොද විදිහට රසට කන්න හදාගන්න එක. ඒ විදිහට ආහාර ගත්තම හම රැලි රැළි වැටීම ප්‍රමාද වෙනවා. හොද පැහැපත් බවක් ඇති වෙනවා. කොහොම නමුත් මේ කාර්‍ය බහුල ජීවන රටාවත් එක්ක මෙහෙම ආහාර වේලක් ගන්න බැරි වෙන එක ගැන ඔයාලා ගොඩක් හේතු ඉදිරිපත් කරනවා. කැම්පස් යද්දි කෑම ගන්නේ හොස්ටල් එකේ ඉදලා, ඒ නිසා කන්න විදිහක් නෑ. බෝඩිමේ උයන්න විදිහක් නෑ. කඩේ කෑම තමයි කන්නේ. ඔය වගේ ගොඩක් දේවල්, අනික වෙලාව නෑ, ඔය වගේ කතන්දරනේ.
⚕️ ඉතින් ඔය වෙලාවේදී තමයි අපේ හිතට එන්නේ food suppliment එකක් ගැන. ගොඩක් වෙලාවට මට මේ කාරණාව රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට කතා කරන්න බෑ. නමුත් මම හිතුවා දැනට මම ගන්න food suppliment එක ගැන කතා කරන්න. ඒ තමයි codliver oil (මෝර තෙල්, මෝර ගුලි වල තියෙන්නෙ මෝර තෙල් තමා ) මම හොඳ ගුණ කෑම රටාවකට හුරු වෙච්ච කෙනෙක් නිසා මම හිතුවා මට ගැලපෙනම එක මේ කොඩ්ලිවර් ඔයිල් එකයි කියලා. මම දැන් ඒක පාවිච්චි කරන්න අරන් මාස 6 ක් විතර වෙනවා. මට ලැබුන ප්‍රථිඵල ගැන කියන්න සහ අන්තර්ජාලයෙන් මම සොයාගත්ත තොරතුරු කියන්න මං හිතුවා.
?කොඩ්ලිවර් ඔයිල් කියන්නේ.මොනවා ද?
අත්ලාන්තික් සාගරයේ වෙසෙන මෝර මාළුන්ගේ අක්මාවෙන් ලබා ගන්නා සාරයෙන් නිපදවන මෙම තෙල් ආහාර අතිරේකයක් විදිහට වර්තමානයේ ප්‍රසිද්ධ වුණත් 1789 සිටම ඖෂධයක් ලෙස පාවිච්චි කරලා තියෙනවා. මෙහි omega 3 fatty acids (EPA / DHA) vitamins A සහ D අඩංගුයි. විශේෂයෙන් කුඩා දරුවන්ගේ අස්ථිවල vitamin D ඌණතාවය නිසා ඇති වෙන ආබාධයක් වන rickets රෝගයෙන් වැළැක්වීම සඳහා මෝර තෙල් ඔවුන්ට ලබා දෙනවා.
අපි පුංචි කාලෙ අපේ අම්මත් මේ ලස්සන විනිවිද පේන චූටි බෝලය අපිට දුන්නා මතකයි, ඒක ආසාවෙන් බිව්වේ ගුණ නිසා නෙවෙයි, ඒකෙ ලස්සන නිසා. ඒත් අද අපි මේක බොන්නේ තියන ලස්සන රැකගන්න ඕන නිසා. ඒක බොන්න ආස හිතෙනවා ඒකේ තියන ලස්සන නිසා.
? කුරුළෑ පාලනය සඳහා මෝර තෙල් උදව් වෙනවද ?
මම මේක බොන්න පටන් ගත්තේ මාස 6 ට කලින්. අහම්බෙන් මං දැක්කා අන්තර්ජාලයේ කෙනෙක් සදහන් කරලා තිබ්බා codliver oil භාවිතා කරද්දි එයාගේ සුව කරන්න බැරිව තිබුන කුරුලෑ තත්වය සුව වුණා කියලා. ඉතින් මං හිතුවා මේක අත් හදා බලන්න. මම දවසකට 500 mg ගත්තා උදේ ආහාරය ගත්ත හැටියම. මාස 1 1/2 පමන යද්දි හෝමෝන අසමතුලිතතා නිසා ඇති වුණ මගේ කුරුලෑ තත්වය සම්පූර්ණයෙන්ම හොද වුනා. ඒක මට පුදුමාකාර සහනයක් වුනා. මම හිතනවා මෝර තෙල්වල ඇති ඉදිමීම් සහ දැවිල්ල ආදී ප්‍රදාහයක් සුව කිරීමේ ගුණය නිසා මගේ කුරුලෑ තත්වය හොද වෙන්න ඇති කියලා. මගේ කුරුලෑ හොඳ වුන නිසා මේක කීප දෙනෙකුටම අත්හදා බලන්න මම උපදෙස් දුන්නා. මම දන්න තරමට එයාලටත් ඒක සාර්ථක වුණා. කොඩ්ලිවර් ඔයිල් එක්ක ආදරෙන් බැදෙන්න මේක ලොකු හේතුවක් මට ???
? Fish oil කියන්නෙ මෝර තෙල් ද?
නැහැ. Fish oil සහ codliver oil කියන්නේ දෙකක්. Fish oil වල ඔමේගා 3 අන්තර්ගතයි. නමුත් codliver oil වල තමයි විටමින් A සහ D තියෙන්නේ. ඒ නිසා ඒ දෙකේ ලොකු වෙනසක් තියනවා. Cod liver oil කියන්නේ fish oil එකක් උනාට fish oil කියන්නෙ cod liver oil නෙමේ
? Cod liver oil ගත්තම මහත් වෙනවද?
Codliver oil වල තියන මේදය නිසා අපිට බඩගිනි ඇතිවීම ප්‍රමාද කරනවා. Codliver oil ගත්තාම අපේ මොලයට පණිවිඩයක් යවනවා බඩපිරිලා කියලා, ඒ නිසා අපේ කෑම රුචිය නැතිවෙනවා. ඒ නිසා බර පාලනයේදී පවා මේ codliver oil එක හරිම වැදගත්. හැමෝටම හරියන්නේ නැතිවෙන්න පුලුවන් නමුත් සාමාන්‍යයේදී මේ codlicer oil එක බර පාලනයටත් හොදයි. මේක ගත්ත කියල මහත් වෙන්නේ නෑ. ඊට වඩා කොච්චර නරක තෙල් කෑම අපි කනවා ද, ඒවා අඩු කරලා මේ හොඳ තෙල් ඇඟට ගත්තට කමක් නැහැ.
? ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරයි
ශරීරයේ ප්‍රතිශක්තිකරන පද්ධතියේ වැඩිදියුණුවටත්, ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීමේ ගුණයකුත් මේ codliver oil වලට තියනවා. මේ නිසා සෙම්ප්‍රතිශ්‍යාව වැනි සෙම් රෝග මට්ටු වෙනවා. මේකත් මම පෞද්ගලිකව අත්දැකපු දෙයක්. කුරුලෑ තත්වය හොඳ වෙන්න මේකත් හේතු වෙන්න ඇති.
?ආලේපනයක් ලෙස පාවිච්චි කළ හැකි ද?
codliver oil එක අපිට පාවිච්චි කරන්න පුලුවන් ආලේපනයක් ( pack) විදිහටත්. මේක එච්චර ජනප්‍රිය නැති උනත් ඇත්තටම මේක බාහිර ආලේපනයක් විදිහට ඔයාලට භාවිතා කරන්න පුලුවන් hyper pigmentation වලදී, කුරුලෑ නිසා ඇතිවන පැල්ලම් වලදිත් මෙය භාවිතා කරන්න පුලුවන්. Capsule එක කඩල ඒක ඇතුලෙ තියෙන දියරය සමේ ගාල පැය බාගයක් තියල සෝදල ඉවත් කරන්න. දිනපතා කරන්න පුලුවන් මේ ප්‍රතිකාරය. එය ආලේප කරද්දි ඔයාලාට වෙනසක් දැනේවි පැල්ලම්වල අඩුවක් එක්කම.
? Cholesterol වැඩි වෙයිද?
රටේ ලෝකෙ තියන නුගුණ කෑම ඔක්කොම කන අය මේ තෙල් බිංදුවට පුදුම බයක් තියෙන්නේ. මේවා ශරීරයට හිතකර මේද. Codliver oil භාවිතය ශරීරයේ සීනි මට්ටමත් අඩුකරවනවා, ඒ වගේම ශරීරයේ colostrol මට්ටම අඩු කරන්නත් උදව් වෙනවා. මව්කිරිවල පමනක් අඩංගු DHA ත් මේ codliver oil වල අඩංගුයි. ඒ නිසා ඕනෑම වැඩිහිටියෙක් දවසකට 500mg වගේ codliver oil ගන්න එක ශරීර සෞඛයට හොද වෙනවා.
? ගන්න සුදුසුම වෙලාව ?
Codliver oil ඔයාලා භාවිතා කරද්දි ඒක ප්‍රධාන කෑම වේලක් එක්ක ගන්න එක යෝග්‍යයි. ඒ නැත්නම් කටින් මාළු පිලී ගදක් වගේ එන්න පුලුවන් උගුරට එන්නත් පුළුවන්. කෑම වේලක් එක්ක ගත්තම එහෙම වෙන්නේ නෑ.
? බොහෝ රෝග වලට සහනය සලසයි
අස්ථිවල වර්ධනයටත් ඒ වගේම මානසික ආතතිය නැති කරන්නත් codliver oil එක වැදගත් වෙනවා. ඒ වගේම හෝමෝන අසමතුලිතතාවයටත් මේක හොද විසදුමක් වෙනවා. හෘද රෝග වැලැක්වීම, තුවාල හොඳ කිරීමේ ගුණය , ඇස් පෙනීම දියුණු වීම, හිසකෙස් නිරෝගීව වැඩීමට ආදී බොහෝ වාසි ලැබේ. සම වියලීම පාලනය කර දීප්තිමත් කරයි. පියයුරු පිළිකා අවදානම අවම කරයි. මගෙ නම් යටි පතුල් වල රළු ස්වභාවයත් 80% ක් විතර පාලනය උනා, මේක ගන්න පටන් ගත්තම
⚕️සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට cod liver oil 500mg ගත හැකි අතර ඊට වඩා ගන්නවානම් වෛද්‍ය උපදෙස් අනිවාර්‍ය්යෙන්ම පැතිය යුතුයි. ගැබිනි කාන්තාවන් සහ කුඩා දරුවන් වෛද්‍ය උපදෙස් මත මෙය ගත යුතුයි. කිරි දෙන මව්වරුන්ට සුදුසුයි වෙනත් ඖෂධ එක්ක හෝ විටමින් එක්ක මේක ගන්න එක ගැන මට අදහසක් නෑ. ඒවට වෛද්‍ය උපදෙස් පතන්න.

(Beauty Secrets with Rapunzel)