Saturday, April 20, 2024
Follow Us
USING   DETOL  FOR  UNDER  ARMS

?අත් යට දහදිය දුඟද සහ අවපැහැය ගොඩාක් අයට ප්‍රශ්නයක් . මේකට හේතු ගණනාවක් තියෙනව. නමුත් ඒවා අමතක කරලා මේ පණිවිඩය නම් කියන්නම ඕන.


?කෙනෙක් සඳහන් කරලා තිබුණා ඒ සඳහා detol පාවිච්චි කරන්න කියලා පුළුන් වලට අරන්. ඔයාලා ඒක දැනටමත් අත් හදා බලල තියෙනවා නම් දන්නවා ඇති ඒක ගෑව හැටියෙම සම මත burning sensation නැත්නම් අධික දැවිල්ලක් දැනෙන බව.
?ඒක detol වල වැරැද්දක් නම් නොවෙයි. එය ඔබ භාවිතා කළ ආකාරයේ තමා වැරැද්ද.
?හොඳින් මතක තබාගන්න පිරිසිදු කාරක දියර, face wash , soap , shower gel ආදී එකී මෙකී නොකී සියලුම පිරිසිදු කාරකයන් ඔබ භාවිතා කළ යුත්තේ තනුක කර නැත්නම් dilute ඒත් නැත්නම් ජලය සමඟ මිශ්‍ර කර බව.
?මගේ දහදිය ගඳක් නැතුව උනත් පුරුද්දක් හැටියට සතියකට දවසක් detol අත් යට ප්‍රදේශය සඳහා මම පාවිච්චි කරනවා.
?කුඩා බෝතලයකට lukewarm water පුරවාගෙන එයට detol බිංදුව බැගින් එක් කර ගන්න වතුර එක තරමක් සුදු පැහැයට හැරෙන තෙක්. දැන් ඔබට මෙය තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. මෙය පුළුන් කැබැල්ලකට ගෙන පිස දැමිය හැකියි සිරුරේ ඕනෑම ස්ථානයක්

(Beauty Secrets with Rapunzel)