Monday, April 29, 2024
Follow Us
Lets  have a bath properly

ගෙදර උන්න කියල දිනපතා නාන එක නවත්තල නෑ නේද?


මම ගෙදර ඉන්න කාලෙ.... ඒ කිව්වේ අම්ම තාත්තා යටතේ ඉන්න කාලෙ නාන්න ලැබුණෙ දවසක් ඇර දවසක්. අපෙ අම්මා අදටත් එහෙමයි.. ඔලුව නාවන්නෙ දවසක් ඇර දවසක්. ඒත් ඉගෙන ගත්තම තමයි තේරුනේ ඒක වැරදි බව. ඉතින් ඉන්පස්සෙ දිනපතා නාන්න පටන් ගත්තනෙ. ඔය නාන එකේ උනත් එක එක ක්‍රම තිබුණා. ඉතින් මම හරියටම නාන ක්‍රමය හොයාගත්තෙ ටිකක් කල් ගිහිල්ලා. ඉතින් අපි කතා කරමුද තම තමන් නාන පිළිවෙල ගැන. ඔන්න මගේ පිළිවෙල . මීට කලින් how to maintain a dry skin කියන ලිපියේ මම මේ ගැන කතා කරල තියෙනවා.
1. දත් මැද ශරීර කෘත්‍යයන් අවසන් කර මුලින්ම හොඳට මුළු ඇඟම හිසේ සිට සම්පූර්ණයෙන් තෙමෙන තෙක් මිනිත්තු 5ක් පමණ ශවර් එක යට ඉන්නවා. මෙතැනදී බලාපොරොත්තු වෙන්නේ බාහිරින් තියෙන මැරුණු සම සහ කුණු දුහුවිලි බුරුල් කර ගැනීමයි. (read how to use shampoo and conditioner, shampoo posts )
2. Shampoo අවශ්‍ය ප්‍රමාණය අල්ලට අරගෙන ඒවා පෙන කරගෙන, පුළුවන් තරම් හිසකෙස් මගහැර ඇඟිලි තුඩුවලින් හිසේ සම හොඳින් අතුල්ලා ගන්නවා. මෙහිදී බලාපොරොත්තු වෙන්නේ හිසේ සමේ ඇති මැරුණු සෛල සහ තෙල් කුණු ඉවත්කර ගැනීමයි.
3. ඉන්පසු ඉතා හොඳින් shampoo ටික හොඳින් ඉවත් වන තුරු නැවත සෝදනවා. හොඳින් ඉවත් වූ පසු හිසකෙස්වල ඉතා හොඳින් conditionar ගල්වා උපදෙස් දී ඇති කාලය රඳවා තබා ගෙන එයත් ඉතා හොඳින් ඉවත් වන තුරු සෝදා ඉවත් කරනවා. (read Dandruff, conditioner posts )
4. එසේ සෝදා ඉවත් කළ කොණ්ඩයේ තෙත හොඳට මිරිකා කොණ්ඩය ඇඟේ නොගෑවෙන ලෙස උඩට කරලා බදිනවා. මෙතනින් හිසේ කටයුතු අවසන්. දැන් තියෙන්නෙ මුහුණේ සිට පාදාන්තය දක්වා පිරිසිදු කරගැනීමයි. මේ අවස්ථාවෙන් පසු මම හිසට වතුර දමන්නේ නෑ
5. පාවිච්චි කරන foaming cleanser එක shampoo එක විදිහටම තනුක කර පෙන නංවා මුහුණ බෙල්ල සහ කණ මිනිත්තුවක් පමණ අතුල්ලා සෝදා පිරිසිදු කරගන්නවා. (read Cleanser post )
6. මම ඇඟ සඳහා පාවිච්චි කරන්නේ සැර නැති සබන් වර්ගයක්. ඔබට කැමති දෙයක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මොකක් උනත් ඒවායේ පෙන තමයි සමේ ගල්වන්න ඕනේ. ඒ පෙන පාවිච්චි කරලා හොදින් අතින් ඇඟ අතුල්ලා ගන්නවා. සතියකට සැරයක් පමණයි මම ඒ සඳහා උපකරණ පාවිච්චි කරන්නේ. කකුල්වල බිම ගැටෙන හරිය ශරීරයේ අනිත් තැන් වලට වඩාත් තදින් අතුල්ලනවා. මවුකුසේ දී අම්මගෙයි ඔයාගෙයි සම්බන්ධය තිබුණු තැන අමතක කරන්න එපා. යටිපතුල නම් අනිවාර්යයෙන්ම foot file එකක් පාවිච්චි කරලා අතුල්ලනව. ( read dry skin and foot care posts )
7. ඉතින් පිරිසිදු කිරීමේ කටයුතු අවසන්. පිසදැමීමේ කටයුත්ත සඳහා තුවා දෙකක් මම පාවිච්චි කරනවා. පළමුව පොඩි තුවායකින් හිසකෙස් වල තෙත හොඳින් මාත්තුකරලා ඒ තුවායෙන්ම සම්පූර්ණයෙන් හිස කෙස් ඔතාගන්නවා. (Read hair drying after wash post )
8. ඉන් පසු අනිත් තුවායෙන් මුලු ඇඟම පිසදාගෙන නෑම අවසන් කරනව. මේ ක්‍රමයට නෑවම අපි හිසේ ගල්වන ආලේපන කිසිම දෙයක් මුහුණේ හෝ ඇඟේ රඳන්නේ නෑ. සම්පූර්ණයෙන් පිරිසිදු වූ බව හොඳින් තහවුරු කර ගන්න පුළුවන්.
ඉතිං කියන්න බලන්න ඔයාලා නානකොට අනුගමනය කරන පිලිවෙල. මේක තමයි නානකොට හරිම විදිහ. ඉතින් අපි බෙදාගමු අපේ අත්දැකීම්. දිනපතා නෑම හොඳයිද කියලා කාටහරි ප්‍රශ්නයක් මතු වෙනවා නම් myths about hair ලිපිය කියවන්න.

(Beauty Secrets with Rapunzel)