Monday, April 29, 2024
Follow Us
ගාමුද කමුද?

අපේ සාමාජිකාවක් ලඟදි post එකක් දාලා අපෙන් ඇහුවා බීට් රූට් කියන්නෙ ස්වභාවික බ්ලීචින් එකක්ද කියලා. ඒකට උත්තරය හැටියට මට ඔව් කියන්න පුළුවන් වුණා. නමුත් එතනදි මම සඳහන් නොකළ දෙයක් තමයි බීට්රූට් පාවිච්චි කළ යුත්තේ කොහොමද කියන එක. බීට් රූට් විතරක් නෙමෙයි ස්වභාවිකව සුදු විමට අදාළ කෑම ජාති ගොඩක් තියෙනවා. ඒවා අපි routine for a fairer skin පෝස්ට් එකේ සහ glutathione post වල සඳහන් කරලා තිබුනා.


හැබැයි ඔයාලා වැඩිපුර හිතන්නේ නැති දෙයක් ගැනයි මම මේ සඳහන් කරන්න යන්නේ. කනවා කියලා.... ගානවා කියලා හෝ මේ එලවළු විවිධාකාර විදිහට දැඩි උෂ්ණත්වයකට ලක් වුණහම මේවයෙ තියෙන ඒ පැහැපත් වීමේ ගුණාංග නැති වෙලා යනවා. ඒ කියන්නෙ බීට් නම් අමුවෙන් සම්බෝල හදලා කෑවම තමා මේ ගුණ ලැබෙන්නෙ. එහෙම නැතුව වේලලා හෝ රත් කරලා හෝ එක එක විකාර කරලා ආලේප කළා කියලා හෝ කෑවා කියලා හෝ මේවායින් ලැබෙන ගුණයක් නැහැ පැහැපත්වීම සඳහා නම් ....
මොකද ඒවායේ තියෙන විටමින් සී වගේ ගුණයන් රත්වීම නිසා විනාශ වෙලා යනවා . ඉතින් මහන්සි වෙලා තියෙන බීට්රූට් ගෙඩිය පොඩි කරල කරල චප්ප කරලා රත් කරල ඒකට වද දෙනවට වඩා සම්බෝලයක් හදලා කන එක හොඳ නැද්ද? ගාන්න ඕනෙම නම් රත් කිරීමකට ලක් කරන්නෙ නැතුව පේස්ට් එකක් හදාගෙන ගාන්න. මම නම් beetroot පාවිච්චි කරන්නෙම සම්බෝල හදන්නයි.

(Beauty Secrets with Rapunzel)