Monday, April 29, 2024
Follow Us
Cleanser

?මේකත් අපූරු මාතෘකාවක්. මෙච්චර කල් කතා නොකර හිටියේ මේ ගැන කියන්න ගොඩක් දේවල් තියන නිසා. කවුරුහරි ඔයාලගෙන් ඇහුවොත් හොද ක්ලෙන්සර් එකක් කියන්න කියලා ... ඔයාලගේ ඔලුවට එක පාරට එන්නේ මොකක්ද .... ???? අර salon වල පාවිච්චි කරන cream වගේ තියෙන deep cleanser එක ගැන නේද ...???


?Cleanser කියන්නේ ඒවටද...??? මගේ ඔලුවට නම් එන්නේ වෙනස්ම විදිහෙ අදහසක්.... clean කියන්නෙ පිරිසිදු ....ඒක ක්‍රියා පදයක් නෙමෙයි විශේෂණ පදයක්. Cleanse කියන්නෙ පිරිසිදු කිරීම කියන එකයි... ඒක ක්‍රියා පදයක්. පිරිසිදු කරන්න අපට ඕන දේවල් .....අපි පිරිසිදු කිරීම සඳහා පාවිච්චි කරන දේවල් තමයි cleanser කියන්නේ.... washing powder පවා cleanser .....
?ඉතින් ඔයාල මේ පාවිච්චි කරන වචනෙ හරි ද??? මූණ පිරිසිදු කරන්න ක්ලෙන්සර් එකක් ඉල්ලුවම මට පුළුවන් ඔයාට තෝරාගැනීම් කීපයක්ම දෙන්න. මූණ ගැන සඳහන් නොකර cleanser එකක් ඉල්ලුවා නම් මම රෙදි සෝදන සබන් කැටයක් වුණත් දෙන්න පුළුවන් .....හරි දේ හරි විදියට දැන ගන්න . ඉගෙන ගත්ත දේවල් මේවාට අදාළ කරල හිතන්න. එතකොට කා ළඟවත් නැති විශේෂ දැනුමකට හිමිකාරියක් වෙන්න ඔයාට පුළුවන් .
?මින් පස්සේ අපේ ගෘප් එකේ අය ක්ලෙන්සර් කියන වචනේ පාවිච්චි කරද්දි පරිස්සම් වේවි කියල මම හිතනවා . මූණ සඳහා පාවිච්චි කරන ක්ලෙන්සර් වර්ග ගොඩක් තියනවා. ඒවායින් අපේ රටේ පාවිච්චි කරන්නේ කිහිපයයි.
Gel cleanser (oily and combination )
Cream cleanser (dry and sensitive )
Milk cleanser (all skin)
Foam cleanser (have varieties )
Oil cleanser (makeup remove )
Clay cleanser (oily and combination )
Micellar cleanser (dry and sensitive )
Powder cleanser (oily and sensitive )
Bar cleanser = soap (oily and combination )
Wipe / sponge / cloth cleanser (oily and
combination )
?මේ අතරින් අපි බොහෝ විට පාවිච්චි කරන්නේ foam / cream / milk / bar.
එදිනෙදා ජීවිතයේ දී අපට පාවිච්චි කරන්න සුදුසුම Bar සහ foam. මේවා ඔයාලගේ සමේ මතුපිට ස්ථරයේ තියන කුණු දුහුවිලි සහ තෙල් හොඳින් ඉවත් කරනවා.
?මේවා අතට ගාගෙන වතුර මිශ්‍ර කරල පෙන හදාගෙන මුහුණේ ආලේප කරල තත්පර තිහක් විතර අතුල්ලලා වතුරෙන් සෝදලා යවන්න ඕන. ටෝනර් අවශ්‍ය නැහැ .
? ගොඩක් කුණු දුහුවිලි වලට මුහුණ නිරාවරණය වෙනවා නම් deep cleanser හැටියට තියන cream cleanser පාවිච්චි කරන්න ඕනා. මේවා පාවිච්චි කළ යුත්තේ අවශ්‍ය නම් පමණයි. අවශ්‍යතාවය අනුව පාවිච්චි කළේ නැත්නම් ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. සම වියලීම, සමේ සිදුරු අනවශ්‍ය පරිදි විශාල වීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන් .
?Deep cleanser පාවිච්චි කරද්දි මුහුණ තෙමලා ඇඟිලි වලට cleanser අරගෙන මුහුණේ කවාකාරව මිනිත්තු තුනක් පමණ පිරි මැදලා තෙත මිරිකූ කපු රෙදි කැබැල්ලකින් හෝ තෙත මිරිකූ පුලුන් වලින් පිස දැමිය යුතුයි. මේවා සාමාන්‍ය වතුරෙන් සෝදා යවන්න බැහැ, සිදුරු තුලට කාවදින නිසා. ඒ වගේම ඩීප් ක්ලෙන්සර් පාවිච්චි කළ පසු අනිවාර්යෙන්ම විවෘත වූ සිදුරු වසා දැමීම සඳහා ටෝනර් වර්ගයක් පාවිච්චි කිරීම හෝ අයිස් වතුරින් තැවීම හෝ කළ යුතුයි .
? මම මේ සඳහන් කළේ මේවා පාවිච්චි කරන සාමාන්‍ය විදිහ.මම කිව්ව පලියට කරන්න එපා. ඔයා ගන්න නිෂ්පාදනයේ අනිවාර්යෙන්ම පාවිච්චි කලයුතු පිළිවෙල සඳහන් වෙනවා . ඒ අනුව තමයි ඔයා කටයුතු කළ යුත්තේ.

(Beauty Secrets with Rapunzel)