Wednesday, April 24, 2024
Follow Us
MAKEUP   SPONGE

?සැලොන් කිව්වම අපි එක පාරටම මොනව හරි වැඩක් කරගන්න යන්න බය හිතෙන තැනක් නේද??? යන්න ඉස්සල්ලා අපි කොච්චර දේවල් සොයා බලනවද???. ඒකෙ වැඩ කරන කෙනාගෙ දැනුම....පලපුරුද්ද ...... වැඩ හොඳයි ද.....පිරිසිදු ද......ආදී දේවල් තියෙනවනෙ ඉතින් අපි හොයන.....


? අත්දැකීමක් තියෙනවද ඔයාලට..... සැලොන් එකට make up දාන්න ගියහම ඒ make up sponge එකෙන් එන සිත සනහන අපූරු සුවඳ ගැන......???????...මටත් ඒ ගැන පෞද්ගලික අත්දැකීම් තියනව. සැලොන් කරන්න කලින් ඉතින් මමත් වෙන සැලොන් වලින් වැඩ කරගෙන තියෙනවනේ.... facial , clean up කරන්න පාවිච්චි කරන sponge එක ගැන මේකම තමයි කියන්න තියෙන්නේ.
? සුවඳ නම් අපි අමතක කරමුකෝ... ඒත් මට මුණ ගැහෙනවා බොහෝ විට salon එකකින් කර ගත්ත make up එකකට පස්සෙ මූණ අසාත්මිකතාවයන්ට ලක් වෙලා වෛද්‍ය ප්‍රතිකාර පවා ගන්න සිද්ද වෙච්ච අය. නමුත් එයාල හිතන්නෙ ඒ salon එකේ පාවිච්චි කරල තියෙන්නෙ ලාබ..... බාල බඩු කියලා.... ඔයාලට එහෙම අත්දැකීම් තියෙනවනම් කියන්න අනිත් අයටත් දැනුවත් වෙන්න. Facial , clean up කළාට පස්සෙත් මේ වගේ තත්ත්වයක් ඇතිවෙනවා නම් බොහෝවිට හේතුව මේකම වෙන්න පුළුවන්.
? මොකද ඔබ හිතන්නෙ මම කිව්වොත් ඒක උනේ පාවිච්චි ආලේපන නිසා නෙමේ ඒවා ගාන්න පාවිච්චි කරපු sponge එක නිසයි කියලා.... ඔව්....පාවිච්චි කරන්න ගත්තට පස්සෙ කෑලි ගැලවිලා යනකල් පිරිසිදු කරන්නෙ නැතුව එන හැමෝගෙම මූණ එකම sponge එකෙන් makeup කරන ශිල්පිනියන් තමා මට වැඩිපුර මුණගැහිලා තියෙන්නෙ.
? ඒ sponge එකක් නිකමට තෙමල මිරිකුවොත්....ඒකෙන් අපට පුලුවන් අවුරුද්දකට සෑහෙන්න cake foundation හදාගන්න....???
? ඉතින් තව කෙනෙකුගෙ මූණෙ තිබුණ කුරුලෑවක ලේ... සැරව.... අලුහම් ආදී සමේ රෝග වාහකයකින් තමා ඒ අය ඔයාගෙ මූණ foundation කරන්නෙ.... ඔන්න ඉතින් මට පේනවා ඔය මූණු ඇඹුල් වෙලා ඇද වෙලා යන හැටි. ???
?මේක කියවන ඔබ රූපලාවන්‍ය ශිල්පිණියක් නම් මම දන්නවා අද ඉඳල ඔබ වෙනස් වෙන බව..... රූපලාවන්‍ය පාඨමාලා වලදි මේව නිසි විදිහට පිරිසිදු කරන්න කියලා දෙනවා...... ඒ විදිහට පිරිසිදු කරන්න. නැත්නම් වැඩිපුර 100/= අය කරලා එක්කෙනෙකුට එකක් පාවිච්චි කරන්න.
? මම මේ sponge එක පිරිසිදු කරන්නේ මුලින් සබන් වර්ගයක් ගාලා.... ගෑවිලා තියෙන මේ foundation ටික ඔක්කොම අතුල්ලා සෝදලා යවනව. ඉන් පස්සේ ඒ සබන් ටික හොඳටම යනකම් සෝදනවා. හෝදලා විෂබීජ නාශක දියරයක (තනුක කර ගත් detol වැනි ) ගිල්වා තබනවා පැය භාගයක් පමණ. ඉන් පස්සෙ නැවතත් සාමාන්‍ය වතුරෙන් සෝදලා හොඳටම වේලුනාට පස්සේ ultra violet sterilizer එකේ පැය භාගයක් දාලා විෂබීජ නැති කරනවා.
? දන්නවද..... ඔබ makeup එකකට ගියහම ඒ sponge එක නිසි විදිහට පිරිසිදු කරල නැත්නම් ඒක ප්‍රතික්ෂේප කිරිමේ අයිතිය ඔබ සතු යි. ඉල්ලා සිටින්න පිරිසිදු sponge එකක්.... අහක යන ලෙඩ හදාගන්නෙ නැතුව. නැත්නම් 100/= වියදම් කරලා අලුත් එකක් අරගෙනම යන්න. ඉතින් ඔන්න කියන්නකෝ ඔයා ගිය salon එකේ ඔයාගෙ foundation එක ගෑවෙ මෙතනින් කොයි sponge එකෙන්ද කියලා..

(Beauty Secrets with Rapunzel)