ගහකොළ මලින් ඵලින් බරවුණු වසන්ත මාසය ගෙවී යනවාත් සමඟම උදාවන්නේ පින්බර වෙසක් මාසයයි. එහෙමත් නැතිනම් මල් මනාලියන්ගේ මාසයයි. ඉතින් මේ මංගල මාසයේ හෙළ කුල සිරිතට දෑඟිලි බඳින්නට පෙරුම් පුරනා තරුණ තරුණියන් බොහෝමයි.
ලෙඩ රෝග විසබීජවලින් වගේ ම වැරැදි හැසිරීම් නිසා ද හට ගන්නවා. ඒ විතරක් ද අප කරන රැකියාව අනුවත් රෝගී වෙන්න පුළුවන් බව වැඩි දෙනෙක් සිතන්නේ නැහැ.
අප අතර විවිධාකාර මිනිසුන් ගැවසේ. පාසලේ, කාර්යාලයේ පමණක් නොව, අනෙකුත් සමාජයේ දී ද ඇසුරු කරන්නට වෙන මිනිසුන් විවිධාකාර ය. ඇතැම් විට ඒ මිනිසුන් නිසා අපේ සිතට සතුට, උද්‍යෝගය, සැනසීම මෙන්ම තවත් මිනිසුන් නිසා රටතොට දැනුම, විවිධ දේ පිළිබඳ දැනුවත් බව ද ලැබේ.
එක් මුවකුත් සවන් දෙකකුත් ඇත්තේ හොඳින් සවන් දීමටයි. දෙසවන අගුළු වැටුණොත් ජීවිතය ම යදමින් බැන්දා හා සමානය. ඉගෙනීමට, රැකියාවට, මානසික සෞඛ්‍යයට ඉන් ඇතිවන බලපෑම සුළුපටු නො වෙයි.
කෝපි කෝප්පයකින් ගතට සිතට දැනෙන ප්‍රබෝධය අසීමිතය. නිවෙසේ සිටියත් රැකියා ස්ථානයේ සිටියත් තේ / කෝපි විවේකයක් ඇත්තේ ද මේ නිසාය.
අක්මාව නීරෝගිව තබා ගැනීමට නම් අප හැකි තරම් සීනි අඩංගු ආහාර සීමා කළ යුතුය. වැඩි මේදය සීනි බවට හැරවීම අක්මාවේ ප්‍රධාන කාර්යයකි. පමණට වඩා සීනි අඩංගු ආහාර ගත් විට පමණට වඩා මේදය නිපදවෙනවා. එහි අවසන් ප්‍රතිඵලය අක්මාවේ මේදය වැනි තත්ත්ව ඇති වීමයි.
කර හා බෙල්ලත් හොඳින් මේකප් කරන්න. නැත්නම් මනාලියගේ මුහුණ විතරක් කැපී පේනවා. මුහුණේ නියම ලස්සන පේන්නේ නෑ..'
මවු සෙනෙහස මේ ලොව ඇති උත්තරීතර සෙනෙහසයි. මවුවරුන් ගේ දිනය ඒ උත්තරීතර සෙනෙහසට පිදෙන උපහාරයක් වැනියි. එහෙත් දැන් කාලයේ වැඩි පුර ම ඇසෙන්නේ දරුවන් ඇති අම්මලාට වඩා දරුවන් නැතිව දුක් විඳින කතුන්ගේ කතාවයි. ඒ කතාවට හේතු ගණනාවක් තියෙනවා. දෙන්නා දෙමහල්ලන්ට දරුවන් අහිමි කරන කාරණා අතරින් කාන්තාවන්ට ඇතිවන මඳසරු ගැටලු සියයට තිහක් පමණ බලපානවා.
?මේ මොන නමින් කිව්වත් එකම තේරුම වෙන කොණ්ඩය පාට කිරීම කවදාවත් නොකල අයට මහා භීතියක්, මෝඩ අයට සෙල්ලමක්, අවබෝධයක් ඇති අයට ලොකු සහනයක් සහ සතුටක්. අසාත්මිකතා දක්වන අයට ශෝකයක්.
අප කණ්ණාඩියක් අසලට ගොස් දත් තිස් දෙක ම පෙන්වා සිනා සෙන්නේ සිනාවෙන් මුහුණ එළිය වැටෙන හැටි බලන්න තියෙන ආසාවටයි. ඒ හැරුණු විට අපට දත් ගැන සිහි වන්නේ උසුලා ගැනීමට බැරි තරම් දත් කැක්කුමක් දැනුණු විටයි. “දත් නැතිදා උක් දඬු ගිනි තපින්නද ? “ කියමන දැන් බොහෝ දෙනකුට අමතක වෙලා ගිහින්.
ප්‍රධාන වේල් අතරතුර වෙනත් ආහාර නොගත යුතු අතර සීනි නොමැතිව කහට තේ, බෙලිමල්, රණවරා, කෝපි ආදිය බීමට පුළුවන්.
ලෙඩ අඩු කර ඇඟ හැඩ කරන අලුත් ම ක්‍රමය
අපගේ කාර්යබහුලත්වයත් සමඟින් අපට අහිමිව යන වටිනා ම දෙයක් වන්නේ නින්දයි. නින්ද යනු වැඩකට නැති දෙයකැයි ඇතැමුන් සිතා සිටිය ද ආහාර මෙන්ම නින්ද ද සිරුරට අත්‍යවශ්‍ය වන්නකි. දවස පුරා වෙහෙසෙන සිරුර නැවත ප්‍රකෘතිමත් වන්නේ නින්දේ දී ය.
නමුත් නින්ද කැප කිරීමෙන් අපගේ අනෙක් වැඩ කටයුතු ඉටුකර ගත හැකි වුවද කාලයක් යාමේ දී නොදැනුවත්ව ම රෝගීන් බවට පත් වන්නෙමු. එමනිසා නින්ද නිරෝගී දිවියකට මෙන්ම සුන්දර පෙනුමකටත් එකසේ වැදගත් වේ. ඇස් යට කළු වීම, ඇස්වල දීප්තිමත් බව නැතිවීම, ඇස් ඉදිමීම ආදිය අධිකව නිදි වැරීමෙන් ඔබගේ රුවට සිදුවන හානි ය. මේ දේවල් ඍජුවම බලපාන දේ වුවද වක්‍රව සිරුර අවලස්සන කරන දේ ද නින්ද අඩු වීමෙන් සිදු වේ.
නමුත් මෙසේ රාත්‍රියේ නිදිවැරීමෙන් නින්ද සඳහා අවශ්‍ය වන මෙලටොනින් හෝමෝනය ශ්‍රාවය වීම අඩුවන බව හා ඉන් ඇතිවන අහිතකර තත්ත්වය පිළිබඳ අපි ඔබට පසුගිය සතියේ දී පැහැදිලි කළෙමු.
පාඩම් වැඩ කරන දූ පුතුන් බොහෝ වෙලාවට පුරුදු වී සිටින්නේ රාත්‍රියේ දී නිදිවරාගෙන පාඩම් කිරීමටයි. නමුත් එය එතරම් හොඳ පුරුද්දක් නොවේ. එයට වඩා ප්‍රතිඵලදායක වන්නේ උදේ 5.00 ට අවදි වී පැය දෙක තුනක් හෝ පාඩම් කිරීමයි. රාත්‍රියේ පැය 4-5 ක් පාඩම් කරනවාට වඩා උදෑසන පාඩම් කිරීමෙන් ඒවා මතකයේ රැඳෙන ප්‍රමාණය වැඩි වේ.
සිරුරේ උෂ්ණත්වය අවමයෙන් පවතින වෙලාව වන්නේ උදේ 3.00 න් පසු, 3.30-4.00 අතර කාලයයි.
නින්දේ දී සිදුවන මරණවලින් වැඩි කොටසක් සිදුවෙන්නේ මේ කාලයේ දී යි. මෙය සිරුර දුර්වල ම වේලාවයි. එම නිසා මේ වෙලාවේ දී එක්වරම අවදි වීමට සිරුරට අපහසු වේ. එමනිසා උදෑසන 5 පසුවී අවදි වීම වඩාත් සුදුසුයි. රාත්‍රියේ අනවශ්‍ය ලෙස නිදි වැරීම ඔබේ මතක ශක්තිය දුර්වල කිරීමට ද සමත් ය.
නින්ද සඳහා අවශ්‍ය වන අනෙකුත් හෝමෝන වර්ග වන්නේ ලිෆ්තින්, ග්‍රිනින්, ඊස්ට්‍රජන්, ටෙස්ටෙස්ටරෝන්, කෝටිසෝල්, ග්‍රෝත් හෝමෝන, ඉන්සියුලින් ආදී හෝමෝන ය. මේ සියලුම හෝමෝන වර්ග අපේ සිරුරේ වර්ධනයට හා තෙල් තැන්පත් වීම හෝ තෙල් දහනය කිරීම තීරණය කරන හෝමෝන වේ.
රාත්‍රියේ දී අප නිදිවරන විට මෙලටොනින් ශ්‍රාවය නතර වේ. එමඟින් ඉන්සියුලින් හෝමෝනයට බලපෑම් ඇති වේ. ඉන්සියුලින් ප්‍රතිරෝධය වර්ධනයකර සිරුරේ වැඩියෙන් තෙල් තැන්පත් වීම සිදුවේ. එවිට දියවැඩියාව, ෆැටි ලිවර්, අධික ස්ථුලතාව වැනි ලෙඩ රෝග ඇති වේ.
දුවකුගේ හුරතලය වදනින් කියාපෑ නොහැකි තරම්. කොයිවෙලේ බැලුවත් අම්මගෙයි, තාත්තගෙයි ඇඟේ දැවටුණු ගමන්. තාරුණ්‍යයේ එළිපත්තේ හිටියත් ඒ කෙළිලොල් බවේ නම් කිසිම අඩුවක් නෑ. හිරණ්‍යාගෙයි සේමිතගෙයි මුළු ලෝකයම වන්නේ ඔවුන්ගේ දියණියයි. නිරෝගී දරු සම්පතකට පාර කියන්නේ, අනාගතයේ උතුම් මාතෘත්වයේ කිරුළු පලඳින්නේ දූවරු.
“ මිදි තිත්තයි වගේ සීනි ඇඹුල් කියන්න කාලය ඇවිත්. “ උදා වෙන්නේ සිංහල අලුත් අවුරුද්දයි. බතින් බුලතින් වගේම පැණිවලින්, සීනිවලින් උතුරා යන කාලයක්. පැණි රස කෑම එපා වෙන තරමට කට්ටිය කැවිලිවලින්, පිටි කෑමවලින්, පැණි බීමවලින් සප්පායම් වෙනවා. ඒත් දිව පමණට වඩා සීනිවලින් පිනවනවා කියන්නේ දියවැඩියාව ඇතුළු බෝ නො වන රෝගවලට අතවැනීමක්.
මිනිසාගේ ජීවිතයට නැතුවම බැරි හෝමෝන වර්ගයක් වශයෙන් තයිරොක්සින් හෝමෝනය හැඳින්වීමට පුළුවන. විශේෂයෙන්ම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා පාලනය කිරීම මෙම හෝමෝනය මගින් සිදු කරන ප්‍රධානතම කාර්යභාර්ය වේ. පුද්ගලයෙකුගේ ශරීරයේ විවිධ අවස්ථාවලදී සිදුවන විපර්යාසයන් සමහරකට හේතුව තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන සංකූලතාවයන් වීමට පුළුවන. එහෙත් ඇතැම් පුද්ගලයින්ට තම ශරීරයේ ඇතිවන විවිධ රෝග ලක්ෂණවලට මුලික වී පවතින්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලුකාරී තත්ත්වයන් යන්න පිළිබඳව නිසි අවබෝධයක් නොමැත. ඒ හේතුවෙන් වර්තමානයේ බොහෝ දෙනා දැඩි අපහසුකාරී අවස්ථාවන්ට මුහුණ දේ. වැඩිහිටියෙකුට තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් ඇතිවිය හැකි රෝගාබාධයන් මොනවා ද? තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වය අඩු වීම සහ වැඩි වීම යන තත්ත්වයන්හි දී මතුවිය හැකි රෝග ලක්ෂණ මොනවා ද? ඒ සඳහා තිබෙන ප්‍රතිකාර විධි මොනවා ද? යන්න පිළිබඳව කොළඹ, ජාතික රෝහලේ දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා දැක්වූ අදහස් මෙසේ ය.
තයිරොයිඩ් ග්‍රන්ථිය යනු කුමක්ද ? මෙම ග්‍රන්ථිය මඟින් නිපදවනු ලබන ප්‍රධාන හෝමෝන වර්ග මොනවා ද?
Page 12 of 26