Wednesday, January 28, 2026
Follow Us
වට්ටක්කා කොළ රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටක්කා කොළ

බිත්තර එකයි

හාල්පිටි

ලූනු, අමු මිරිස්

ලුණු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු

පොල්තෙල්

සාදාගන්නා ආකාරය

මුලින්ම හොඳින් වට්ටක්කා කොළ ටික පිරිසුදු කරගන්න. ඊට පස්සේ ලුනූ, අමුමිරිස් චූටි කෑලිවලට කපා ගන්න. කපා ගත් ලූනු, අමු මිරිස් භාජනයකට දාගෙන ඒකට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ බිත්තරයක් එකතු කරන්න. පසුව

මේ සේරම හොඳින් මිශ්‍ර කරගන්න අතරේ ඒකට හාල් පිටි ටික ටික අවශ්‍ය ප්‍රමාණයට එකතු කර ඉන්පසු පිරිසුදු කරගත් වට්ටක්කා කොළයක් අරගෙන වට්ටක්කා කොළේ එක පැත්තක සාදා ගත් මිශ්‍රණය තවරගන්න.

ඊට පස්සේ එක පැත්තකින් අල්ලාගෙන වට්ටක්කා කොළය රෝල් කරගන්න. කුඩා ප්‍රමාණයේ වට්ටක්කා කොළ රෝල්ස් සාදා ගැනීමට අවශ්‍ය නම් පිහියෙන් දෙකට කපන්න.

ඊට පස්සේ තාච්චියට තෙල් ටික දමා මඳගින්නේ රසම රස වට්ටක්කා රෝල්ස් බැඳගන්න. වට්ටක්කා රෝල්ස් පිම්බිලා කොළේ පාට තද කොළ පාට වීගෙන එද්දී ළිපෙන් බාගන්න.

-Tharunie