අවශ්‍ය ද්‍රව්‍ය
ළපටි කෙහෙල්මුවක්
හීනියට ගා ගත් පොල් මිටක් පමණ
උම්බලකඩ කුඩු ටිකක්
රතු ලූනු ටිකක්
සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 5ක් පමණ
පදමට සෑහෙන සේ ලුණු කුඩු
සාදන ක්‍රමය
කෙසෙල්මුව පිටත ඇති පියලි (පොතු ) කිහිපයක් ඉවත් කර ළපටි කොටස මතු කර ගන්න. ඉන් පසුව සිහින්ව ලියා ගෙන ලුණු වතුරේ දමන්න. (කෙසෙල්මුව කහට පිපීමෙන් වළක්වා ගැනීම සඳහා) මඳ වෙලාවකින් වතුරෙන් ගෙන හොඳින් මිරිකා ගන්න. රතු ලූනු, අමු මිරිස් සිහිනව කපාගෙන, එයට සිහින්ව ගා ගත් පොල් දමා උම්බලකඩ දමන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා දෙහි එකතු කර කෙසෙල්මුව සමඟ හොඳින් කළවම් කරගන්න