Thursday, April 25, 2024
Follow Us
ශරීරයට අත්‍යවශ්‍ය කැල්සියම් ගන්නේ මෙහෙමයි

ශරීරයට හිතකර පෝෂ්‍යදායි ආහාර පිළිබඳ දැනසිටීම ම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒවා ලබාගත හැකි ප්‍රභවයන් මොනවාද? එම පෝෂ්‍යදායි ආහාර ශරීරයට උරා ගැනීම සඳහා කළ යුතු දේ මොනවාද? යනාදී කරුණු පිළිබඳත් දැන සිටීම අතිශය වැදගත්.

හිරණ්‍යාට මේ පිළිබඳ දැනුම ගෙනදෙන ලිපියක් කියවන්නට ලැබුණා. එය කැල්සියම් ගැන ලියැවූවක්. ඉතා ඕනෑකමින් එය කියෙව්වේ තම දියණියට තියෙන ලස්සනම ලස්සන කොණ්ඩය, නියපොතු, පැහැපත් සම යනාදිය තවදුරටත් එලෙසින්ම පවත්වාගෙන යෑමට ඈ තුළ ඇති බලවත් කැමැත්ත නිසයි. ඒ වගේම තවමත් හැඩට ඉන්න හිරණ්‍යා, තමාගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳත් වැඩි වැඩියෙන් හිතුවා.

ශරීරයට අත්‍යවශ්‍ය සංඝටකයක් වන කැල්සියම් ආහාරවලින් උරාගැනීමට ප්‍රබලම ලෙසින් උපාකරීවන මාධ්‍ය වන්නේ විටමින් D. විටමින් D ශරීරයට බොහෝ විට ලැබෙනුයේ හිරු එළියෙන්. රත් නොවූ (අමු) පලතුරු හා පලාවර්ගවලින්.

වයසට යෑමේදී ගන්නා ආහාර අඩුවීමත් නිවෙසේ කාමරයක් තුළ විසීමත් නිසාත් කාන්තාවන්ගේ ශරීරයේ ඊස්ට්‍රජන් හෝර්මෝනය අඩුවීමත් නිසා විටමින් D ශරීරයේ ස්වභාවයෙන්ම අඩුවෙනවා. මේ නිසාමත් කැල්සියම් අවශෝෂණයට විටමින් D අත්‍යාවශ්‍ය නිසාත් විටමින් D අඩුවීමත් සමඟින් කාන්තාවන්ගේ ශරීරයේ කැල්සියම් ක්‍රමයෙන් අඩුවෙනවා. වයසට යනවිට විටමින් A සහ D ඇති ඔමේගා 3 කරලක් දිනකට බීමට ගත හැකි නම් එය යහපත් බව වෛද්‍යවරුන් පවසන්නේ මේ නිසයි.

මේ නිසා අවුරුදු 35 - 40 ඉක්මවූ කාන්තාවන්, ආර්තවහරණය වූ කාන්තාවන් ඒ පිළිබඳ අවධානය යොමු කළයුතු වනවා.

කැල්සියම් බහුලව ඇති ආහාර ලෙස ප්‍රධානව ම කුඩා මාළු, අල, රටඉඳි, කතුරුමුරුංගා, මුරුංගා වැනි පලාවර්ග දිනපතා ආහාරයට ගන්නේ නම් ඉතා වටීවි. මේ ආහාරවලින් ලැබෙන කැල්සියම් උරාගැනීමට විටමින් D අත්‍යවශ්‍ය නිසා සතියකට දින 3ක්වත් ඔමේගා 3 (Omega 3) මිලිග්‍රෑම් 1000 කරල බැගින් භාවිතයට ගැනීම වැදගත්. වයෝවෘද්ධ අය නම් උදෑසන 9.30 - 11.00 පමණ වනතුරු අව්වේ සිටීම කළ හැකියි.

ශරීරයට කැල්සියම් පෙත්තක් ලෙස ලබාගන්නවා නම් එය අනෙකුත් වටිමින් වර්ග ගන්නා වෙලාවට නොගෙන සිටීමටත් වගබලා ගත යුතුයි. ඒ කැල්සියම් නිසා අනෙකුත් විටමින් අවශෝෂණයට බාධාවක් ඇතිවිය හැකි නිසා ශාකවල අඩංගු කැල්සියම් බොහෝවිට කැල්සියම් ඔක්සලේට් ලෙස පවතින නිසා කැල්සියම් උරාගැනීම නැති කරනවා. මේ නිසා අතිරේක ආහාරයක් ලෙස දියරමය කිරි, පෙති ලෙස බාහිරව ගැනීම සුදුසුයි. ආහාර එතරම් නොගන්නා හිරුඑළියට නිරාවරණය නොවන වයස අවුරුදු 50ක පමණ කෙනකු නම් සතියට දින 3ක් ඔමේගා 3 ද කැල්සියම් පෙති 3ක් ඉතිරි දින 3 දී ගැනීම සුදුසුයි. මේ සඳහා පලපුරුදු වෛද්‍යවරයෙක්ගෙන් පෝෂණවේදියකුගෙන් අදහස් සහ උපදෙස් ලබාගැනීම වැදගත්. ඔමේගා 3, කැල්සියම් පෙති ආදිය බාහිරින් ලබා ගැනීම වෙනත් ඖෂධ භාවිත කරන්නේ නම් ඊට බාධාවක් නොවේවි.

ආසියාතික රටවල වෙසෙන්නන් විශේෂයෙන් පෝෂ්‍යදායි ආහාරවේලක් ලෙස දකිනුයේ ප්‍රෝටීන් බහුල ආහාරවේලක්.

වැඩිහිටියන් දිනක ආහාර වේලකට කැල්සියම් මිලිග්‍රෑම් 500 - 700ක් අතර ප්‍රමාණයක් ගත යුතුයි. කිරිදෙන මව්වරුන් මිලිග්‍රෑම් 1000ත් - 1500ත් අතර ප්‍රමාණයක් ගත යුතුයි. ඒ ප්‍රමාණය මව්වරුන්ට නොලැබුණහොත් ගර්භණී කාලයේදීත්, ඊට පසුවත් කෙස් යෑම, දත් දිරායෑම වැනි තත්ත්වවලට පත්වේ. මේනිසා අධිකව දත් කැක්කුම් ගටගනියි.

කැල්සියම් ශරීරයට වැඩිපුර ගැනීමත් සුදුසු නැහැ. විශේෂයෙන් වකුගඩු තුළ මුත්‍රාශය තුළ, කෝෂ ග්‍රන්ථි ආශ්‍රිතව, වෘෂණ කෝෂවල, ගල් ඇතිවීමටත් හේතුවක්. එබැවින් ඒවා රෝගී වීමට ද බලපායි. අධික සාන්ද්‍රණයෙන් ශරීරයේ කැල්සියම් පැවතීම සින්ක් හා යකඩ අවශෝෂණය ද බාධා ඇති කරයි. ඒ නිසාම කෑම අරුචිය, රක්තහීනතාව (හිමෝග්ලොබින් අඩුකම) වැනි තත්ත්ව ඇති වෙයි.

මේ සියලු කාරණා සලකා බලද්දී යම් යම් පෝෂ්‍ය පදාර්ථයන් ශරීරයට අත්‍යවශ්‍යයි. ශරීරය මනාව රැක ගන්න, රුව රැකගන්න, විවිධත්ව රැක ගන්න උපකාරි වේවි.

 

උපදෙස්

ආයුර්වේද විශාරද පණ්ඩිත

විශේෂඥ වෛද්‍ය මානව උපදේශක වෛද්‍ය

සුදත් ගුණතිලක

(Tharunie)