කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මතින් ඉදිවන අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ 03 වන කොටස සඳහා විකෘති ආකාරයේ “BOT” කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළඹීමට සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වනවා. එවැනි ගිවිසුමකට එළඹුන හොත් රජයට විශාල පාඩුවක් සිදුවිය හැකි බවයි පෙනී යන්නේ.
පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩීසල් මෙට්ට්‍රික් ටොන් 41,000 ක් රැගෙන මෙරටට ලගාවූ නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම ඊයේ දින ආරම්භ කළ ද එම ඉන්ධන තොගය ප්‍රමාණවත් වන්නේ දින 7 ක් සදහා පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ මෙම ඩීසල් තොගය ගොඩබෑම සදහා ගතවන සම්පූර්ණ කාලය දින 4 ක් පමණ වන බවයි.
13 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත වටවල, රොසැල්ල හයිඩ්‍රි විහාරාස්ථානයේ විහාරාධිපති හිමිනම පොලිසිය විසින් ඊයේ (21) අත් අඩංගුවට ගෙන තිබේ.
ඉදිරි දිනවල විදුලි කප්පාදු කරන ආකාරය පිළිබඳ කිසිදු පූර්ව ප්‍රකාශයක් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට මතුව ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් වෙත කියා සිටියේ දෛනිකව විදුලි කප්පාදු කරන වේලාව තීරණය වන්නේ දෛනිකව ලැබෙන ඉන්ධන ප්‍රමාණය මත බවයි.
ශ්‍රී ලංකාවේ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ව ජනතාව විසින් දේවත්වයෙන් පිදිය යුතු බව එම අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.
පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශය සහල් ආනයනය කිරීම හේතුවෙන් මාස 03 ක් තුළ වී මෝල් 500 ක් අක්‍රීය වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි සභාපති මුදිත් පෙරේරා පැවසුවේ සහල් නිෂ්පාදන කර්මාන්තය කඩා වැටීමෙන් රට තුළ ඒකාධිකාරියක් ගොඩනැගෙන බවයි.
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් අතරින් ලක්ෂ 08 ක් තවමත් බූස්ටර් මාත්‍රාව ලබාගෙන නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ පැවසුවේ එන්නත ලබා නොගත් අවුරුදු 60 ට වැඩි පිරිස දැඩි අවදානමක සිටින බවයි.
විදුලි අර්බුධයට මඟ පෑදූ ප්‍රධාන සාධක අතර ඉන්ධන සැපයීම ප්‍රමාණවත් නොවීම ප්‍රධාන කරුණක්. විදුලි නිෂ්පාදනය කෙසේවෙතත්, දෛනික පරිභෝජනයට පවා ඉන්ධන සොයා ගැනීම මේ වන විට ගැටලුවක් වී තිබෙනවා. ඒ, බොහෝ පිරවුම්හල්වලට ඉන්ධන තොග ප්‍රමාණවත් පිරිදි නොලැබීම හේතුවෙන්.
ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න සහ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇතැයි වාර්තා වනවා. ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහායි.
Page 285 of 746