Saturday, February 07, 2026
Follow Us
ලෝක කම්කරු දිනය අදයි

කොරෝනා නිසා නැවතුනු මැයි පෙළපාලි නැවතත්


ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.මෙවර එය සමරනු ලබන්නේ 136 වැනි වරටයි.

වර්ෂ 1886දී තමාට පැය 8ක සේවා මුරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් කම්කරුවන් පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස් ව විරෝධතාවයක නිරත වූ අතර එම විරෝධතාවය දිනකිහිපයක් පුරා පැවතිණි.

එරට පොලීසිය මෙම විරෝධතාවයට ප්‍රහාර එල්ල කළ අතර විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට පත් විය.මෙම අරගලය ආරම්භ වූ මැයි පළමුවැනි දිනය වර්ෂ 1889 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ලොව සෑම රටකම එම දිනය සිහිකරමින් පෙළපාලි, රැලි සහ උත්සව කටයුතු සංවිධානය කිරීම් සිදුකෙරේ

(Aruna)