2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් බැඳුම්කරය
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් මූලික විරෝධතා මතුකරන බව විත්ති පාර්ශ්වය විසින් අද (29) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයට දැනුම් දුන්නේය.
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියක දී රුපියල් මිලියන 688 ක මුදලක් සාපරාධී පරිහරණය කළේ යැයි චෝදනාකරමින් එම නඩුව ගොනුකර තිබේ.
එම නඩුව අද (29) චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය
(Aruna)