Saturday, February 07, 2026
Follow Us
විරෝධතාකරුවන්ට යකඩ පොලු ප්‍රහාරයක්

විරෝධතාකරුවන් මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම


ආණ්ඩුවට ඉවත්වන්නැයි බලකරමින් ප්‍රදේශ කිහිපයකම විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වුණි.

කුලියාපිටිය බරිගොඩ ප්‍රදේශයේදී ඊයේ (29) පස්වරුවේ ප්‍රදේශවාසීන් සහ ස්වාමීන් වහන්සේලා එක්ව ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණි.

උද්ඝෝෂණයේ නිරත වූ පිරිසක් ආපසු කුලියාපිටිය නගරය බලා යමින් සිටියදී යකඩ පොලු රැගෙන යතුරු පැදි 2කින් පැමිණි සිව්දෙනෙකු විරෝධතාකරුවන්ට පහරදී තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එක් පුද්ගලයෙකුගේ දකුණු පාදයේ අස්ථි දෙකම බිඳී ශෛල්‍යකර්මයකටද ලක්කර තිබුණි.

සිද්ධියට මුහුණදුන් පුද්ගලයෙක් සඳහන් කළේ,

“අපි යමින් සිටියේ. වේගෙන් ආපු යතුරුපැදියක හිටපු කෙනෙක් කිව්වා අන්න බයික් වගයක් එනවා ගහන්න කියයා. අපි අතුරුපාරටක හැරෙනවාත් එක්කම මගේ කොන්දට පොලු පහරක් වැදුණා. ඒත් එක්කම මම බයික් එකෙන් වැටුණා. එච්චරයි මතක.”

(Aruna)