Wednesday, September 17, 2025
Follow Us
පෞද්ගලික අංශයේ රැකියා අනතුරේ

කොළඹ ව්‍යාපාරික සංගමයෙන් අනතුරු අඟවීමක්


ඉදිරියේදී පෞද්ගලික අංශයේ රැකියා විශාල වශයෙන් කඩාවැටීමක් සිදුවිය හැකි බව කොළඹ ව්‍යාපාරික සංගමය පවසයි.

දැනටමත් බොහෝ පිරිසකට රැකියා අහිමිවී ඇති බව එහි ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා සඳහන් කළේය.

කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ,

“දැන් අපි ගත්තොත් අද වනවිට අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය රටේ හිඟයක් ඇති වෙනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය විශාල ලෙස රටේ හිඟයක් ඇති වෙනවා. ඒ වගේම වෙළෙඳපොළ ක්‍රියාවලිය දිනෙන් දින නතර වෙනවා. ඒ විතරක් නෙමේ රැකියා වෙළෙඳපොළ විශාල කඩා වැටීමකට ලක් වෙනවා. පෞද්ගලික අංශයේ.”

“අපි දන්නවා ලංකාවට විශාල ලෙස විදේශ විනිමය ගේන ක්ෂේත්‍රයක් තමයි ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක.ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ලක්ෂ තුනහාමාරක විතර රැකියා තියෙනවා. හැබැයි මාස 2ක් පමණ යන විට ඔවුන්ටත් විශාල අවදානමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.”

“ඒ විතරක් නෙමේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ගත්තොත් ඉදිකිරීම් කර්මාන්තයේ දවස ගානේ මිල වැඩිවීම නිසා ලක්ෂ 10කට විතර රැකියා නැති වෙලා තියෙනවා. මේ ක්ෂේත්‍රයන් ගැන අවධානය යොමු කරන්න.”

“අද වෙනකොට රජයක් නෑ. රජයට වැඩ පිළිවෙළක් නෑ. එ්ක නිසා ජනතාව පාරට බැහැලා ඉන්නවා. ඒ වගේම විපක්ෂයට වැඩපිළිවෙලකුත් නෑ.”

“මුදල් අච්චු ගහද්දි කිව්වානේ රටේ උද්ධමනයක් වෙන්නේ නෑ කියලා. මේක තමයි අපි දැන් මුහුණ දිලා තියේන උද්ධමන තත්ත්වය.”

(Aruna)