Saturday, February 07, 2026
Follow Us
රට පුරා වාහන අමතර කොටස් හිඟයක් - මිලත් ඉහළට

රට පුරා වාහන අමතර කොටස්වල දැවැන්ත හිඟයක් ඇතැයි ප්‍රවාහන වෘත්තිය සමිති පවසනවා. ඊට හේතුවී ඇත්තේ රට තුළ ඇති ඩොලර් අර්බුදයයි. ඔවුන් පැවසුවේ වෙළඳපොලේ ඇති අමතර කොටස්වල මිල පවා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. පවතින තත්ත්වය මත තම කර්මාන්තය සිදුකරගෙන යාමට නොහැකි වෙමින් ඇතැයි වෘත්තීය ත්‍රී රෝද රථ සේවක සංගමයේ සභාපති දේවානන්ද සුරවීර පැවසුවා.

අමතර කොටස් හිඟය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින තවත් ක්ෂේත්‍රයක් වන්නේ මගී ප්‍රවාහන බස් රථ ක්ෂේත්‍රයයි.

මෙම අමතර කොටස් හිඟය සම්බන්ධයෙන් කඩිනම් විසදුමක් නොලැබුණහොත් සමස්ථ ප්‍රවාහන ක්ෂේත්‍රයම දැඩි අර්බුදයකට පත්වනු ඇතැයි ප්‍රවාහන සංගම් පැවසුවා.

(Neth)