Thursday, March 26, 2026
Follow Us
මි.මී 100ට වැඩි තද වැසි

බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය‍.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 දක්වා වැඩි විය හැකිය.

(Aruna)