මහා නායන ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කළ පරිදි රට ස්ථාවර කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස බල කරමින් කොළඹ නිදහස් චතුරස්‍රයේ දී අද පස්වරුවේ සංඝ සමුළුවක් පැවැත්වෙනවා.
බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.
ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වුණා. ඒ, ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින්.
රට පුරා වාහන අමතර කොටස්වල දැවැන්ත හිඟයක් ඇතැයි ප්‍රවාහන වෘත්තිය සමිති පවසනවා. ඊට හේතුවී ඇත්තේ රට තුළ ඇති ඩොලර් අර්බුදයයි. ඔවුන් පැවසුවේ වෙළඳපොලේ ඇති අමතර කොටස්වල මිල පවා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. පවතින තත්ත්වය මත තම කර්මාන්තය සිදුකරගෙන යාමට නොහැකි වෙමින් ඇතැයි වෘත්තීය ත්‍රී රෝද රථ සේවක සංගමයේ සභාපති දේවානන්ද සුරවීර පැවසුවා.
රට මුහුණපා ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙවර මැයි දිනය සැමරීමේදී වෘත්තිය සමිතිවලට වෙනදාටත් වඩා වැඩි වගකීමක් පැවරී ඇති බව වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.
Page 246 of 732