පාර්ලිමේන්තුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ල ස්ථාපිත කර අදට වසර 40 ක් සපිරෙනවා. ගාලු මුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් 70 දශකය අගභාගය වනවිට එය වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යාමේ අවශ්‍යතාව මතුවුණා. ඒ අනුවයි ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා වුණේ.
මේ වනවිට පවතින ඖෂධ හිගය තවත් මාස 03 ක් පමණ පවතිනු ඇති බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසනවා. ඊට හේතුවී ඇත්තේ ඖෂධ ලබාගැනීම සඳහා නියමිත කාලයේදී ණයවර ලිපි විවෘත නොකිරීමයි. මාස කිහිපයක් ප්‍රමාද වී තිබූ ණයවර ලිපි රැසක් විවෘත කළේ ද මෑතකදී බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.
රට පුරා පැවැත්වෙන ජන අරගල සදහා සහාය දක්වමින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
ගෑස් මිල ඉහළ දැමීම හමුවේ තේ කෝප්පයක මෙන්ම සියළු පිසූ ආහාරවල මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඉකුත් සතියේද බත් පාර්සලයක සහ කොත්තුවක මිල සියයට විස්සකින් ඉහළ දැමීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගත්තා. ඒ, ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේයි.
පසුගියදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයක් පාලනය කිරිම සඳහා පොලිසිය විසින් කළ වෙඩි තැබිම සම්බන්ධයෙන් නියෝග නිකුත් කළ අය සහ වෙඩි තැබු අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න්න මහත්මිය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
Page 247 of 732