“මත භේද පැත්තකට දමා අවංකව කටයුතු කරන්න”
දේශපාලන මතභේද හා න්‍යාය පත්‍ර පසෙක ලා අවංක, කාගේත් විශ්වාසය දිනාගත හැකි අන්තර්වාර ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්කරගැනීම සඳහා මෙම අවස්ථාවේදී එකඟතාවයකට පැමිණෙන්නැයි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව අවධාරණය කරයි.
එසේ නොවුවහොත් පවතින තත්වය උග්‍ර වන අතර, මන්ත්‍රීවරුන් කෙරෙහි ඇති ජනතා විශ්වාසය නැති වී යනු ඇතැයි ද එම සමුළුව සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව මේ බව අවධාරණය කර තිබේ.

Aruna