Monday, February 16, 2026
Follow Us
ඉන්ධන බලපත්‍රයට ලක්‍ෂ 10 ක් ලියාපදිංචි වෙයි

ඉන්ධන ලබාගන්න අන්තර්ජාලයෙත් පෝලිමක්


බලශක්ති අමාත්‍යංශය හදුන්වා දුන් ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ට පුද්ගලයන් ලක්‍ෂ 10 ක සංඛ්‍යාවක් (17) පස්වරුව වන විට ලියාපදිංචි වී ඇති බව එම අමාත්‍යංශය පවසයි.

මෙම ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ට ලියාපදිංචි වීමේ දුරකථන යෙදවුම හදුන්වා දී දිනයක පමණ කාලයක් තුළ මෙම පුද්ගලයන් දස ලක්‍ෂය සිය වාහන ලියාපදිංචි කර ඇති බව ද එම අමාත්‍යංශය පැවසීය.

තවත් බොහෝ පිරිසක් ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ට ලියාපදිංචිවීම සදහා අන්තර්ජාලය හරහා එක්ව සිටීම හේතුවෙන් එහි ද තදබදයක් හටගෙන ඇති බවට එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.

ඉන්ධන බලපත්‍රයට ලියා පදිංචිවීම සදහා www.fuelpass.gov.lk වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය හැකියි.

Aruna