Monday, February 16, 2026
Follow Us
ඉන්ධන නියාමනය අපිට දෙන්න – මහජන උපයෝගීතා ⁣කොමිසම

ජනතාව මුළා කරන්න එපා


ඉන්ධන සදහා නියාමනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා ⁣කොමිසමට භාර දෙන්නැයි එහි සභාපති ජනක රත්නායක රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රුපියල් 10 ක් 20 වැනි සුළු මුදලකින් ඉන්ධන මිල අඩුකර ජනතාව මුළා කිරීමට රජය කටයුතු නොකළ යුතු බවයි.

“මහජනතාව මෝඩ නෑ, මහජනතාව දැන් දන්නවා ලෝක වෙළෙදපොළේ තියෙන ඉන්ධන මිල පිළිබදවත්, ඒ වගේ ලංකාවට ආනයනය කරන කොට ඒ්වායේ මිල පිළිබදවත්. මහජනතාව ඒ්වා දන්න නිසා මේ වගේ කිසිම ක්‍රම වේදයක් නැතිව කටයුතු නොකළ යුතුයි.”

Aruna