Monday, February 16, 2026
Follow Us
තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

ගෑස් අඩංගු තවත් නෞකාවක් අද දිනයේ මෙරටට ළගාවීමට නියමිතව තිබෙනවා. එහි ගෑස් අඩංගු ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 3,700 ක් පමණ වන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

එම නෞකාව මෙරට මුහුදු තීරයට පැමිණීමෙන් අනතුරුව තත්ත්ව පරීක්‍ෂාවන් සිදුකර එම වාර්තාවල ගැටළුවක් නොමැති නම් කඩිනමින් ගෑස් තොගය ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන බව එම සමාගමේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් සදහන් කළා.

ඉකුත්දා මෙරටට ළගා වූ නෞකාවෙන් ගොඩබෑම් සිදුකළ ගෑස් තොගයේ තවත් කොටසක් අද දිනයේ දිවයින පුරා බෙදාහැරීමට නියමිතයි. ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 ත් 90,000 ත් අතර ප්‍රමාණයක් කොළඹ මෙන්ම පිට පළාත්වලට බෙදාහරින බව ලිට්‍රෝ සමාගමේ ජේ්‍යෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සදහන් කළා.

Neth