රටේ ඉහළම ආගමික නායකත්වය ජනතාව වෙනුවෙන් යෝජනා කර ඇති සියලු දෙනාට පිළිගත හැකි තාවකාලික දේශපාලන විසදුමකට යෑමට නිර්භයව සහ නිර්පාක්ෂිකව මැදිහත්වන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.
අගරදගුරුතුමන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත විවෘත ලිපියක් යොමු කරමිනුයි එම ඉල්ලීම සිදු කර ඇත්තේ. මේ මොහොතේ තම පක්ෂ දේශපාලන බල ව්‍යාපෘතීන් සහ ඒවා ජය ගැනීම සඳහා කෙරෙන මුදලට මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙකලා මාතෘ භූමියේ සහ ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කිරීමට කටයුතු කළ යුතුයි.
බලලෝභයෙන් සහ දූෂණයෙන් තොර උපරිම කැපවීමෙන් යුත් නායකත්වයක් තෝරා ගැනීමට තම හෘද සාක්ෂියට එකඟව උපරිම දායකත්වය ලබා දෙමින් කැප කිරීමක් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමිවී ඇති බවයි එම ලිපියේ සදහන් වන්නේ.
එම අවස්ථාව අතපසු නොකරන ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඕනෑකමින් ඉල්ලා සිටින බවද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.
Neth