Monday, February 16, 2026
Follow Us
ඉන්ධන ඇනවුම් කිරීම අත්හිටුවයි

බෙදුම්කරුවන්ගේ කොමිස් මුදල අඩු කරයි


ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දෙන කොමිස් මුදල 3%ක කොටස 1%ක් දක්වා අඩු කිරීම හේතුවෙන් ඉන්ධන බෙදුම්කරුවන් ඒකාබද්ධව ඇනවුම්කිරීම අත්හිටුවීමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වෙයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීම හේතුවෙන් මෙසේ කොමිස් මුදල අඩුකර ඇති අතර පාඩුව අවම කරගැනීමට බෙදුම්කරුවන්ගේ කොමිස් මුදල අඩු කිරීම අසාධාරණ බව නියෝජිතයන් පවසයි.

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන තොග ඇනවුම් නොකිරීම හේතුවෙන් ජනතාවට ඉන්ධන නොමැති තත්වයක් ඇතිවිය හැකි බවත් මෙම තත්වයෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වනු ඇති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති.

Aruna