Sunday, December 28, 2025
Follow Us
ලංකා IOC ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කරයි

දවස් ගණන් පෝලිමේ හිටපු පාරිභෝගිකයින් අමාරුවේ


ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන ලබාදීමේ ක්‍රම වේදය වෙනස් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ, QR ක්‍රමයට හෙවත් වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම් අනුව ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයයි.

මේ බව මහජනතාව දැනුවත් කරමින් ලංකා IOC පිරවුම්හල් වල දැන්වීම් පත්‍රිකා අලවා ඇති ආකාරය අපට දැකගත හැකි විය.

‍ඒ අනුව (21) දිනයේදී වාහන අංක තහඩුවේ අවසන් 3, 4, 5 යන අංක වලට ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇත.

අගහරුවා දා සහ සෙනසුරාදා දිනවල 0, 1, 2 යන අංක වලට ඉන්ධන ලබාදෙනු ඇත.

6,7,8, 9 යන අංක වලට සදුදා, බදාදා සහ සිකුරාදා ඉන්ධන ලබාදීමට තීරණය කර තිබේ.

මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව දන්වමින් බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි ලංකා IOC සමාගමට අයත් ඉන්ධන පිරවුම්හලක අද දිනයේ හදිසියේ දැන්වීම් පත්‍රිකාවක් අලවා තිබේ.

එමගින් දින ගණනාවක් පෝලිමේ රැදී සිටි රථ වාහන හිමියන් සහ රියැදුරන් දැඩි අසීරුතාවට පත්ව ඇත.

Aruna