Monday, February 16, 2026
Follow Us
බස් ගාස්තු සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි

ඉන්ධන මිල අඩු කිරීම හේතුවෙන් සංශෝධනය කෙරුණු බස් ගාස්තු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනවා. සංශෝධනය කෙරුණු බස් ගාස්තුවලට අනුව ගාස්තු අය නොකරන බස්රථ සේවකයින් සම්බන්ධයෙන් 1955 ක්ෂණික අංකයට පැමිණිලි කරන ලෙසයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මඟී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා.

ඉකුත්දා සිදු කෙරුණු ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස්ගාස්තු අඩු කෙරුණේ සියයට 02යි දශම 02යි 03කින්. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 40 සිට රුපියල් 38ක් දක්වා අඩුවන බවයි ජාතික ගමනා ගමන කොමිසම පැවසුවේ.

Neth