Monday, February 16, 2026
Follow Us
ගාලු මුවදොර මීටර් 50ක ප්‍රදේශයකට ඇතුලුවීම තහනම් වෙයි

කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්


ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළ කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අද (20) නියෝගයක් නිකුත් කර තිබේ.

කොටුව පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකාබැලීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවය.

එබැවින් අදාළ පිළිමය පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළට කිසිදු පාර්ශ්වයක් ඇතුළුවීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කරනු ලැබීය.

aruna