ඊයේ (11) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමට ලාෆ්ස් ගෑස් සමාගම පියවර ගෙන තිබේ.
මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නමැති ව්‍යාපාරික කාන්තාව අද (13) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට පමුණුවා තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාවද්‍ය විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පිළිගෙන තිබෙනවා.
ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බව පවසමින් පුද්ගලයින් රවටා තවදුරටත් මුදල් වංචාකරන පුද්ගලයින් සමාජය තුළ සිටින බව පොලීසිය පවසනවා. විවිධ උපක්‍රම හරහා පුද්ගලයින් සිය ජාවාරම්වලට හසුකර ගැනීමට වංචනිකයින් කටයුතු කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ.
ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12යි දශම 5, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩු කරනු ඇති. එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 5,300ක් ලෙසයි.
Page 203 of 768