Thursday, February 19, 2026
Follow Us
තෙල්වල තත්ත්වය හොයන්න යයි

ඉන්ධන ගැන අලුත්ම කතාව


ඉන්ධන හල්වලින් ඉන්ධන නිකුත් කරන ප්‍රමාණය සොයා බැලීමට උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.

කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව පාරිභෝගික සහ සේවා අධිකාරිය සමග එක්වී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පව්සායි.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

පාරිභෝගිකයන්ට නිකුත් කරන තෙල් නිසි ප්‍රමාණය තිබේද යන්න පිළිබඳව හා එම තෙල්වලට වෙනත් යමක් කවලම් කර ඇද්දැයි සොයා බැලීම මෙහිදී සිදු කරනු ලබන බව ඔහු සඳහන් කළේය.

Aruna