විශ්‍රාම කාලය ගැන පොදු තීරණයක් ගන්නැයි කියයි
සෞඛ්‍ය සේවාවන්හි නිරතවන සේවකයන්ගේ විශ්‍රාම කාලය සම්බන්ධව පොදු තීරණයක් නොගතහොත් වැඩ වර්ජනයක් දියත් කරන බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය අනතුරු අඟවයි.
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ කාලය පමණක් වසරකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව ඊයේ (18දා) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
පසුගිය සැපත්ම්බර් මස දාහතරවැනිදා නිකුත් කළ 19/2022 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව තුන්සියයකට ආසන්න විශේෂඥ වෛද්‍යවරු සංඛ්‍යාවක් ලබන දෙසැම්බර් මස තිස් එක්වැනිදා හෝ ඊට පෙර විශ්‍රාම යැවීමට නියමිතව තිබුණි.
මේ පිළිබඳව අවධානය යොමු කළ රජය මෙලෙස වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණය ඇත.
මෙලෙස වෛද්‍යවරුන්ගේ පමණක් සේවා කාලය වසරකින් දීර්ඝ කිරීම සම්බන්ධව සෞඛ්‍ය වෘත්තිය සමිති ප්‍රධානීන්ගෙන් කළ විමසීමේදි ඔවුන් ප්‍රකාශ කළේ එලෙස තෝරා ගැනීම්වලට අනුව විශ්‍රාම ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීම අසාධාරණ බවය.
මෙවැනි ප්‍රතිපත්ති විරෝධී තීන්දු නිසා සෞඛ්‍ය සේවාව තුළ සිදුවන කඩා වැටීම් පිළිබඳව රජය වගකිව යුතු බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සාමාජික රවි කුමුදේශ් ප්‍රකාශ කළේය
මේ හා සමානව සියලු සෞඛ්‍ය සේවකයන්ට සේවා කාලය සම්බන්ධව සැලකීමක් සිදු නොකළහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
Aruna