Thursday, February 19, 2026
Follow Us
පනත සම්මතවුවත් අඛණ්ඩව සටන් කරන බව ඛණිජතෙල් වෘත්තීය සමිති කියයි

පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වූ ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගත හැකි සියලු පියවර ගන්නා බව ඛණිජතෙල් වෘත්තීය සමිති පවසනවා. ඛණිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවේ ඒ සඳහා ඕනෑම වෘත්තීය සමිතියක් සමග කොන්දේසි විරහිතව එක්වන බවයි.

මෙම පනත් කෙටුම්පත සම්මත වීම හරහා ඉන්ධන මිල තීරණය කිරීමට රජය සතු බලය ද අහෝසි වන බවයි ඛණිජතෙල් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජගත් විජේගුණරත්න පැවසුවේ.

කෙසේවෙතත් ඛණිජතෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති විවාදයට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ මෙම පනත හරහා මෙරට ඛණිජතෙල් වෙළඳපලට ප්‍රවේශවීම සඳහා තවත් සැපයුම්කරුවන් කිහිපදෙනෙකුට අවස්ථාව හිමිවන බවයි.

එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 77 ක් ලැබී තිබුණා. විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 17 ක් පමණයි.

Neth