විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන් විදෙස් රටවලට යැවීම තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය
ජනාධිපති ලේකම් කාර්යාලය සහ ප්‍රධාන ආර්ථික මරමස්ථානවලට පිවිසෙන දොරටු අවහිර කරමින් මහජන පීඩාවන් සිදු කළ බව කියන අරගලකරුවන් 21 දෙනකුගේ විදෙස් ගමන් වහාම තහනම් කිරීමට අධිකරණය ඊයේ (28 වැනිදා) පස්වරුවේ තීන්දු කළේය. අරගලකරුවන් ලෙස පෙනී සිටි අදාළ සැකකරුවන් විදේශ ගතවීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කරමින් කොටුව පොලිසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ එම නියෝගය කළේය.
මෙම පුද්ගලයන්ගේ විදෙස් ගමන් තහනම් කර තිබෙන බවට ආගමන විගමන පාලකවරයාට, කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළවල් වෙත වහාම දන්වා යවන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙලෙස විදෙස් ගමන් තහනම් කරනු ලැබුවේ වීගොඩවත්තේ කාශ්‍යප හිමි, තිසර නුවන්ත අනුරාධ, රුමේෂ් ඉන්දික, එල්.එන්.ඩී. පෙරේරා, ආර්.ඒ. රාජපක්ෂ, සිරිල් මනතුංග, ඉසුරු වර්ණකුල, රොෂාන් අලි දානිස් අලි, චන්දිමාල් ගමගේ, ඩී.ආර්.ඩී. බෙන්තරආරච්චි, එම්. කාසිම්, එන්. එම්. තවුෆික්, නිලන්ත සමිත් ප්‍රනාන්දු, බන්දුල ප්‍රභාත්, සමීර මධුසංක සිරිවර්ධන, එච්. එම්. ටී. ජී. මැණිකා, එම්.ආර්. චාරක ගිම්හාන්, චතුරිකා සරෝජිනී, ජේ. නිලන්ත, එම්. නිශාන්ති සහ සුදත් ලක්ෂ්මන් යන 21 දෙනාටය.
ඉකුත් 13 වැනිදා අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිනි සංස්ථාවට කඩාවැදී මාධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලය බියගන්වා තර්ජනය කර සජීවී රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වූ රොෂාන් අලී දානිෂ් අලි සහ චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ යන දෙදෙනාගේ විදෙස් ගමන් තනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ඊයේ නියෝග කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවී යාම සහ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පැතිරයන කතා අසා පුද්ගලයකු වත්තල හුණුපිටිය ප්‍රදේශයේ දී දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබේ. (25) මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කිරිබත්ගොඩ මායා මාවත ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වේවැල්දෙණිය පතිරැන්නැහැලාගේ ආරියදාස නමැති අයකි.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ආසන්න වශයෙන් මෙරට සෑම පවුල් 03 කින් එකක සිටින දරුවන්ගේ මානසික තත්ත්වය වෙනස් වී ඇති බව සේව් ද චිල්ඩ්රන් ජාත්‍යන්තර ආයතනය පවසනවා. ඒ, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 09 ක් ආවරණය වන පරිදි පවුල් 2300 කට අධික සංඛ්‍යාවක් කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ සමීක්ෂණයක දත්ත අනාවරණ කරමින්.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්‍ෂ 11 ක් මේ වනවිට වෙළදපොලට නිකුත් කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් එක් ලක්‍ෂ 50,000 කට ආසන්න ප්‍රමාණයක් වෙළද පොලට නිකුත් කරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් නෙත් නිවුස් වෙත පැවසුවේ.
A 20-year old woman had died and her sister was injured after they were hit by a moving train in Wellawatta last night, police said.
රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍යය අද සිට ආරම්භ වනවා. ඒ අනුව පස්වරුවේ පළමු පේලි පෙරහැර වීදි සංචාරය කරන බවයි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් කුලසේකර නෙත් නිවුස් වෙත පැවසුවේ.
A 30-year-old man died following a shooting incident in a house at Silva Mawatha, in Ratmalana last night, police said.
වාහන රැසක් සහිත ව්‍යාපාර ස්ථානවලට ජාතික ඉන්ධන බලපත්‍රය හරහා QR ඛේතය ලබා ගැනීමේදී තවත් ගැටලුවක් මතුව තිබෙනවා. ව්‍යාපරික ස්ථානවල හිමිකරුවන් පැවසුවේ එක් ජංගම දුරකතනයකින්, එක් QR ඛේතයක් පමණක් ලබාගැනීමට ඉඩ සලසා ඇති බැවින් වාහන කිහිපයකට QR ඛේත ලබා ගැනීමේදී ගැටලුවක් පැනනගින බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ රාජපක්ෂ ජුන්ටාවේ කතාව ඉතාම නුදුරේදී අවසන් කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේය.
විදෙස්ගත වීම සඳහා සූදානමින් සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් යානයක් තුළදී පෙරේදා (26) අත් අඩංගුවට ගත් ධානිෂ් අලී නම් අරගලරුවා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Page 204 of 732