රුපියල් කෝටි සිය ගණනක මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 06 වනදා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සමග ගිනිඅවි රැගත් ආරක්ෂකයින් 6 දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.
කලිසමක රදවාගත් කැමරාවක් ආධාරයෙන් කාන්තාවන් වීඩියෝගත කළ පුද්ගලයෙකු පිටබැද්දර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු බස් කොන්දොස්තරවරයෙක් ලෙසද සේවය කර ඇති බවයි පිටබැද්දර පොලීසිය පැවසුවේ.
Amidst a severe economic crunch which has left people across the country facing severe hardships, one of the sector's which has also suffered a severe blow is prostitution.
දරිද්‍රතාවයෙන් පෙළෙන මෙරට පවුල් සංඛ්‍යාව වසර 3ක් තුළ ලක්ෂ 17කින් පමණ ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සදහන් කළේ 2019 වසර වනවිට දරිද්‍රතාවයෙන් පෙළෙන මෙරට පවුල් සංඛ්‍යාව හයලක්ශ 81,800ක් වූ අතර මේවනවිට එය විසිහතර ලක්ශ 22,500ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා ආරක්ෂණ සන්ධානයේ (CPA) සාමාජිකයින් ලෙස අප 2022 ඔක්තෝබර් මස 09 වන දින ගාලුමුවදොරෙහි පැවති සාමකාමී සහ නිරායුද උද්ඝෝෂණයට සහභාගීව සිටි කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකළ ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙළා දකින්නෙමු.
ඉකුත් ජූලි 9 වනදා ඇති වූ කලහකරී සිද්ධියෙන් පසු කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සම්බන්ධයෙන් සිදු කළ පුරාවිද්‍යා පරීක්ෂණ වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද වී තිබෙනවා. ඒ, එම වාර්තාව මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි නොමැති වීම හේතුවෙන් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
ගාලුමුවදොර පිටියේ ඉකුත් දා පැවති විරෝධතාවකදී පොලීසියේ ක්‍රියාකලාපය හමුවේ දරුවෙකු අපහසුතාවයට ලක්වීම සම්බන්ධයෙන් සහ දරුවන් උද්ඝෝෂණවලට සම්බන්ධ කරවා ගැනීමට එරෙහිව ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත පාර්ශ්ව රැසකින් පැමිණිලි ලැබී තිබෙනවා.
මෙරට මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පෝෂණය සදහා වූ විශේෂ කාර්ය සාධක බලකායේ සාමාජික, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පැවසුවේ ආහාරවල හිඟතාවය සහ ආහාර ගැනීමේ ක්‍රමවේදයේ පවතින නොදැනුවත්කම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු බවයි.
Page 204 of 768