Thursday, February 19, 2026
Follow Us
බිත්තර සහ කුකුළු මස් මිල අඩුවන කාලය ගැනත් දැනුම්දීමක්

බිත්තර හා කුකුළු මස් මිල ගණන් මාස දෙකක් ඇතුළත අඩු කිරීමට හැකිවනු ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් පවසනවා. රට තුළ පවතින ඩොලර් අර්බුදය හමුවේ සත්ව ආහාර ආනයනය කිරීමට බලපෑම් එල්ල වුණා.

මේ හේතුවෙන් සත්ව පාලනයේ නිරතව සිටි ඇතැම් සුළු කර්මාන්තකරුවන් ඉන් ඉවත් වීම හේතුවෙන් බිත්තර සහ කුකුළ් මස් මිල ගණන් ඉහළ ගිය බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

පවතින ගැටලු විසදීමට සිය අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය මේවනවිටත් කටයුතු කරමින් සිටින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඒ අනුව මාස දෙකක් ඇතුළත බිත්තර සහ කුකුළු මස් මිල ගණන් අඩු කළ හැකි වනු ඇති බවයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් වැඩිදුරටත් සදහන් කළේ.

මේවනවිට බිත්තරයක තොග මිල රුපියල් 46 සිට 48 දක්වා පවතිනවා. එහි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 50ක්. සම සහිත ශීතකළ කුකුල් මස් කිලෝවක් සදහා පවතින්නේ රුපියල් 1,350ත් 1,400ත් අතර සිල්ලර මිලක්. සම රහිත ශීතනොකළ කුකුල් මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1,450ක් වනවා.

Neth