මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් සොයා ගැනුණු මදුරුවෝ
මෙරටින් නව මදුරු විශේෂ දෙකක් හඳුනා ගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා කණ්ඩායම සමත්ව තිබෙනවා.
මීරිගම සහ කළුතර ප්‍රදේශවලින් සොයා ගැණුනු මෙම නව මදුරු විශේෂය කියුලෙක්ස් සින්ටෙලස් නමින් හඳුන්වන බවයි කීට විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
තායිලන්තය සහ ඉන්දියාව වැනි රටවලින් ද මෙම මදුරු විශේෂය වාර්තා වී ඇති අතර, ඔවුන් රෝග වාහකයෙක් ද යන්න සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවයි වාර්තා වන්නේ.
Aruna