Thursday, February 19, 2026
Follow Us
වැස්ස තිබුණත් විදුලි කප්පාදුව දැන්ම අඩු කරන්න අපහසුයි - මහජන උපයෝගිතා කොමිසම කියයි

ඉකුත් දින කිහිපයේ දිවයින පුරා අධික වර්ෂාවක් පැවතියද විදුලි කප්පාදුව සිදුකරන කාලසීමාව තවදුරටත් අඩු කිරීමට මේ මොහොතේ තීරණයක් ගෙන නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් වෙත සදහන් කළේ මේ වනවිට ජල විදුලියෙන් නිපදවන විදුලි ධාරිතාවය ගිගා වොට් පැය 25 සීමාවේ පවතින බවයි. එය විදුලි කප්පාදුව ඉදිරි සතියේත් අඩු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව ඉදිරි දිනවල පවතින වර්ෂාව සමඟ ජල විදුලිය නිපදවන ධාරිතාව සලකා බලා විදුලි කප්පාදුව සිදු කරන කාල සීමාව සංශෝධනය කිරීම පිළිබඳ තීරණයකට එළඹෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර අද සහ හෙට විදුලි කප්පාදු කරන කාලය පැයකින් අඩුකරමින් විදුලිය කප්පාදු කරන්නේ පැයයි මිනිත්තු 20 ක කාලයක් පමණක් බවයි ඔහු පැවසුවේ. එහෙත් ලබන සඳුදා සිට පෙර පරිදිම පැය දෙකයි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළා.

Neth