අද දිනයේද ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප්‍රීතිකා ජයකොඩි පැවසුවේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් පමණ දක්වා වැඩි විය හැකි බවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප්‍රීතිකා ජයකොඩි වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර කැළණි ගග අවට ඇතැම් පහත් බිම් ප්‍රදේශ සුළු ගංවතුර තත්ත්වයකට පත්ව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වය අද දිනයේ සුළු වශයෙන් වැඩිවිය හැකි බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ, ජලවිද්‍යා සහ ආපදා කළමනාකරණ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවේ.
සුළු ගංවතුර තත්ත්වයක් පවතින අනෙකුත් ගංගා පිළිබදවද ඔහු මෙලෙස කරුණු දැක්වූවා.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තවදුරටත් භාවිත කළ හැක්කේ බර වාහන සදහා පමණක් බවයි අධිවේගී මාර්ග හා නඩත්තු ඒකකය පැවසුවේ.
neth