Saturday, April 11, 2026
Follow Us
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


බස්නාහිර,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර මාතර, පුත්තලම, මන්නාරම, කිළිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Aruna