Thursday, February 19, 2026
Follow Us
ආර්ථික ගැටලුව නිසා සිසුන් පාසල්යාමේ අඩුවක්

පවතින ආර්ථික අර්බුදයත් සමග සිසුන් පාසල් වෙත පැමිණිමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. පාසල් ගුරුවරුන් සම්බන්ධ කරගනිමින් සිදු කෙරුණු සමීක්ෂණයකදී එම තොරතුරු අනාවරණ වූ බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ.

ප්‍රවාහන අපහසුතා, පාසල් උපකරණ මිලදී ගැනීමට නොහැකි වීම වැනි කරුණු ඊට බලපා ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. පාසල් පැමිණෙන සිසුන් තුළ අධ්‍යාපනය ලැබීමට ඇති උනන්දුවද පහළ මට්ටමක පවතින බව එම සමීක්ෂණයේදී අනාවරණ වූ බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසුවේ.

මෙම සමීක්ෂණයේ තොරතුරු තවත් පාර්ශ්ව කිහිපයක තොරතුරු හා සසදා රටේ අධ්‍යාපනයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට කටයුතු කරන බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් සදහන් කළේ.

Aruna