විදෙස් හාල් ලංකාවේ මෝල් වලට කළ හදිය
ජනතාව ආහාර ගැනීම අඩු කර ඇති නිසා මේ වන විට දේශීය සහල් අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
දෙවන හේටුව ලෙස මෙම සංගමයේ සභාපති ජේ.කේ.සේනසිංහ සඳහන් කළේ, වෙළෙඳපොළ තුළ විදේශීය සහල් අතිරික්තයක් තිබෙන නිසාත් එම සහල් මිල අඩු නිසාත් ජනතාව විදේශීය සහල් මිල දී ගැනීමට පෙළඹ සිටින බවයි.
එමෙන්ම සමහරක් මෝල් හිමියන් විදේශීය සහ දේශීය සහල් කවලම් කර වෙළෙඳපොළට විකිණීමට කටයුතු කර ඇති බව ඔහු පවසයි.
සහල් අලෙවිය අඩුවීම හේතුවෙන් මොවුන්ගේ මෝල් ඉදිරියේ දී වසා දැමීමට සිදුවන බවත්, මේ වනවිටත් මේවායේ සේවය කරන සමහරක් සේවකයින්ගේ රැකියා අහිමිව ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Aruna