Thursday, February 19, 2026
Follow Us
මූල්‍ය ආයතනයක් කළ මුදල් වංචාව

ගනුදෙනුකරුවන් රවටාකෝටි 25කට විදී


ගනුදෙනුකරුවන් රවටා රුපියල් කෝටි 25කට ආසන්න මුදලක් වංචා කිරීමේ තවත් සිදුවීමක් වාර්තාවී තිබේ.

මෙලෙස මුදල් වංචාවට හසුවී ඇත්තේ ගලෙන්බිඳුනුවැව, දිවුල්වැව, නිකවැව, දුටුවැව සහ ගැටලාව යන ගම්මානවල ගොවි ජනතාවය.

ගලෙන්බිඳුනුවැව, දිවුල්වැව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මූල්‍ය ආයතනයක් හරහා මෙම මුදල් වංචාව සිදුකර ඇත.

සිද්ධිය පිළිබඳව මීට පෙරද බලධාරීන් වෙත පැමිණිලි කළ ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව මුදල් තැන්පත්කරුවන් පැවසීය.

Aruna