Thursday, February 19, 2026
Follow Us
ශ්‍රී ලංකා පිලේ ලොකු වෙනසක්

දුෂ්මන්ත චමීර වෙනුවට නම් කළ පන්දු යවන්නා මෙන්න


පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අතරතුර ආබාධායට ලක්වූ ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට ක්‍රීඩකයෙකු මේ වන විට නම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ, කසුන් රාජිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහොන් ද සිල්වා සදහන් කර ඇත්තේ කසුන් රාජිත ජාතික සංචිතයට ඇතුළත් කිරීම ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතියට යටත්ව ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව කසුන් රාජිත ඉතාමත් ඉක්මනින් ඔස්ට්‍රේලියාව බලා පිටත් කර යැවීමට කටයුතු කරන බව ද ඔහු සදහන් කර ඇත.

මේ අතර හෙට (20) දිනයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ඉතාමත් තීරණාත්මක තරගයක් පැවැත්වීමට නියමිතයි.

ඊට හේතුව මෙම තරගයෙන් ජය ගන්නා එක් කණ්ඩායමක් පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබනු ඇත.

Aruna